දමිතා අබේරත්න රංගන ශිල්පිනිය මේ දිනවල බෙහෙවින් කතාබහට ලක් වී සිටින්නේ ඇයගේ කලා කටයුතු හේතුවෙන් නොව දේශපාලනිකව ඇයට ලබා දුන් පොරොන්දු කඩවීමක් බව ඇය විසින් පවසනු ලැබීම හේතුවෙනි.
සමගි ජන බලවේගයේ සක්රීය සාමාජිකාවක ලෙස ක්රියා කළ ඇයට රත්නපුර දිස්ත්රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සහ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්රික් කණ්ඩායම් නායක හේෂා විතානගේ කටයුතු කළ බවට වන කතාබහ පිළිබඳව මෙම ආන්දෝලනය ඇති වී තිබේ.
ඒ සම්බන්ධයෙන් "අපි දෙන්නා එකට දුවමු අක්කේ කියපු හේෂා සජබ ලිස්ට් එකෙන් ''ලක් අම්මා'' කැපුවාද? " යනුවෙන් සඳහන් කරමින් විශේෂාංගයක් නිර්මාණය කරනු ලැබ තිබිණි.