lan englan tam

පුවත්

සම සුදු කරගැනීම අවදානම්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම සුදු කරන ආලේපන බහුතරයක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව පැවතීම නිසා එම ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පවසයි.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව රූපලාවන්‍ය ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් බවයි. එහෙත් එම අනුමත සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් සම සුදු පැහැ ගන්වන ආලේපනවල අඩංගු වී ඇතැයිද ආනන්ද ජයලාල් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසන්නේ මෙමගින් ස්නායු වලට බලපාන රෝග ඇතිවන බවයි. එමෙන්ම සම තුනීවීම, ලේ නහර මතුවීම මෙන්ම සමේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව ඉහළ යන බවයි.

මේ නිසා ක්ෂණිකව සුදුවන ක්‍රීම් වර්ග වලින් ඈත් වී කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි.

අමිල චින්තක ගමගේ - Lankadeepa

 

පසු සටහන : ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වන සායි පල්ලවීද මෙවන් සුදු වීමට ගල්වන ආලේපන පිළිබඳ දැන්වීමක් ප්‍රතික්ෂේප කළේ එයින් ඇති වන සමාජ පෙළඹවීම වැළකීම පිණිසය.

Back to top
Go to bottom

Popular News