lan englan tam

පුවත්

"කෙල්ල" තරඟ කරන 'ග්‍රැමී' උළෙල පෙබරවාරියේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නියෝජනයක් වන, 'මැණිකේ' ගීතයෙන් ලෝක ප්‍රජාවගේ ජනාදරයට පාත්‍ර වූ ගායිකා යොහානි ද සිල්වාගේ පළමු ගීත ඇල්බමය වන 'කෙල්ල' හොඳම ගෝලීය සංගීත ඇල්බමය අංශයේ තරඟ කිරීමට නිර්දේශ වී ඇති ඇති ලෝක ප්‍රසිද්ධ 'ග්‍රැමී' සම්මාන උළෙල එළඹෙන පෙබරවාරියේදී පැවැත්වීමට නියමිතය.

ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති වාර්ෂික ග්‍රැමී සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 67 වැනි වරට ය.
යොහානිගේ ස්වතන්ත්‍ර ගීත 14ක් අතුළත් 'කෙල්ල' ඇල්බමය පිළිබඳව සඳහන් කරමින් යොහානි පවසන්නේ මෙය ශ්‍රී ලාංකික සංගීතය ජාත්‍යන්තර තලයට ගෙන යෑමේ සිහිනය එළි දැකීමක් බවයි.
තමන් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ සෑම කලාකරුවෙකු සහ සිහින දකින්නෙකුම වෙනුවෙන් වටිනා දෙයක් කිරීමට හැකි වීමට තමන් තුළ තිබූ විශ්වාසය ගැන තමන් බෙහෙවින් සතුටට පත් වන බව යොහානි පවසන්නීය.

kemadasa

shungara

Back to top
Go to bottom