lan englan tam

පුවත්

'බඹර වළල්ල' අධ්‍යක්ෂවරයා සමග නරඹන්න

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අතුල ලියනගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද 'බඹර වළල්ල' චිත්‍රපටය නැරඹීමේ අවස්ථාවක් චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට උදා වී තිබේ.

ඒ සඳහා "බඹර වළල්ලේ දෙබර විස" නමින් චිත්‍රපටය තිරගත කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව කතිකාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් කටයුතු යොදනු ලැබ තිබේ.
චිත්‍රපට සංස්ථාවේ අධ්‍යාපන සහ ප්‍රවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව ඔක්තෝබර් 28 වැනිදා සවස 2.30ට දළුගම - කැලණිය පිහිටි සරසවි චිත්‍රාගාරයේදී සිදු කිරීමට නියමිතය.
චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව කතිකාමය අවස්ථාවට මග පාදා ඇති අතර එම අවස්ථාවට ලේඛකයෙකු සහ චිත්‍රපට විචාරකයෙකු වන කේ.කේ. සමන් කුමාර සහභාගි වීමට නියමිතය.

kemadasa

shungara

Back to top
Go to bottom