එක පිට එක ටෙලිනාට්‍ය නිර්මාණයෙන් මෑතකදී ජනප්‍රිය සහ සාර්ථක වූ ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් දෙපලක් වන ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාරගේ සුසංයෝගයෙන් අලුත් කතා තේමාවක් මෙන්ම අලුත්ම ආකර්ණීය නමක් සහිතව නිර්මාණය වූ 'පිරිමි ළමයි' ටෙලි නාට්‍යය නොවැම්බර් 18 වැනිදා සිට රූපවාහිනී ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.
ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වන නාට්‍යයේ තිර රචනය සද්ධා මංගල සූරියබණ්ඩාරගෙනි.
ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් සහ උද්දික ප්‍රේමරත්න රංගනයෙන් දායක වන මෙය දිනක්ෂි අලුතෙන්ම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යයක් අපේක්ෂා කරන ඇගේ ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.
කුමාර තිරිමාදුර, දසුනි සිනෙත්මා, තීක්ෂණ විජේසිංහ, මධුශාන් හත්ලහවත්ත මෙහි රංගනයෙන් දායක වෙති.