1944 උපත ලද දිල්ලි ගනේෂන් මහතා දශක හතරක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් සමඟින්, දිල්ලි ගනේෂ් චිත්‍රපට 400 කට අධික සංඛ්‍යාවක පෙනී සිටි අතර දෙමළ හින්දි චිත්‍රපටවල මෙන්ම රුපවාහිනි කතාමාලාවලද පෙනි සිටි සිනමාවේ වඩාත්ම ආදරණීය නළුවෙකු බවට පත්විය. විකට නළුවෙකු, දුෂ්ටයෙකු හෝ දයානුකම්පිත සහායක චරිතයක් වේවා - පුළුල් පරාසයක භූමිකාවන් රඟ දැක්වීමට ඔහුගේ බාධාවකින් තොර හැකියාව සඳහා ප්‍රසිද්ධියට පත් විය - කර්මාන්තයේ කල්පවත්නා උරුමයක් කැටයම් කළේය. ක්ෂේත්රයට පිවිසීමට පෙර ඔහු දිල්ලි පදනම් කරගත් නාට්‍ය කණ්ඩායමේ දක්ෂිණ භාරත නාටක සභාවේ සාමාජිකයෙකි. ගනේෂන් මහතා 1964 සිට 1974 දක්වා ඉන්දීය ගුවන් හමුදාවේ ද සේවය කළ අතර ඉන් පසුව ඔහු රංගනයට යොමු විය.
පුවත්
දමිළ සිනමාවේ ප්‍රවීණ රංගධර දිල්ලි ගනේෂ් සමුගනී!
සෞඛ්‍ය ගැටලු අයපත් විම හේතුවෙන් ප්‍රවීණ දෙමළ නළුවකු වන දිල්ලි ගනේෂ් මහතා සෙනසුරාදා රාත්‍රියේ මිය ගොස් තිබේ. මිය යනව්ට ඔහු 80 වැනි වියේ පසුවිය. ඔහුගේ පවුලේ අය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ මරණය පිළිබඳ පුවත තහවුරු කරමින් කියා සිටියේ "අපගේ පියා වන දිල්ලි ගනේෂ් මහතා නොවැම්බර් 9 වන දින රාත්‍රී 11 ට පමණ අභාවප්‍රාප්ත වූ බව ඔබට දැනුම් දෙනු ලබන අතර අපගේ බලවත් කණගාටුව පළ කරමු." ඔහුගේ දේහය චෙන්නායි හි රාමපුරම් හි තැන්පත් කර ඇති අතර ඔහුගේ අවසන් කටයුතු නොවැම්බර් 11 වැනිදා සිදුකිරීමට නියමිතය.
පාසි (1979) චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ගනේෂන් තමිල්නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන විශේෂ ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර පසුව 1994 දී එවකට මහ ඇමතිනී ජේ ජයලලිතා විසින් ගෞරවනීය කලෙයිමාමනි සම්මානයෙන් පිදුම් ලැබීය.දමිළ සිනමාවේ ඔහුගේ කැපී පෙනෙන රංගනයන් අතර සින්ධු බහිරවි (1985), නායකන් (1987), මයිකල් මදන කාම රාජන් (1990), ආහා..! (1997), සහ තෙනාලි (2000). ඔහු Dhruvam (1993), Devaasuram (1993), Kaalapani (1996), Keerthi Chakra (2006), Pokkiri Raja (2010) වැනි චිත්‍රපටවල අමතක නොවන චරිත සමඟ මලයාලම් සිනමාවේ සලකුණක් තැබීය.
REST IN PEACE SIR WE MISS YOU!
සුෂ්මි මිහාර ප්‍රේමචන්ද්‍ර - The Cinema People
-
Category
පුවත් -
Hits
87 times