lan englan tam

විඩියෝ ගැලරිය

රවීන් - ආදිත්‍යා හඬ මුසුව 'හිත ගැස්සූ රෝස ආදරේ'

User Rating: 2 / 5

Star ActiveStar ActiveStar InactiveStar InactiveStar Inactive
 

මේ වසරේ මග නොහැර නැරඹිය යුතු චිත්‍රපට අතර ඇති පසුගිය ජනවාරි 03 වැනිදා සිට තිරගත වීම ඇරඹූ 'රෝස ආදරේ' රසවත් ගීත ගණනාවකින් සමන්විත වන අතර කුසලතා පූර්ණ ගායක දෙපලක් වන රවීන් තාරුක සහ ආදිත්‍යා වැලිවත්ත එහි තේමා ගීතය වන 'හිත ගැස්සූ රෝස ආදරේ' ගීතයට හඬ මුසු කර තිබේ.

නිමේශ් කුලසිංහ විසින් සංගීත නිර්මාණය කළ ගීතයේ පද රචනය ශෙහාන් ගලහිටියාවගෙනි.
මෙය හර්ෂ උඩකන්ද හත්වන සිනමා නිර්මාණය වන 'රෝස ආදරේ' අනූජ් රණසිංහ තිර රචනය කර ඇත.
නිසල හෙට්ටිආරච්චි, දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි ඒකනායක, රජිත හිරාන්, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ, රුමලි කේෂිඩා, වසන්ත කුමාරවිල, වසන්ත කුමාරසිරි, අශේන් නවීන්, රයන් වැන්රෝයන්, හේෂානි ලියදිපිට සහ ලාල් වීරසිංහ රංගනයෙන් දායක වී ඇත.

Back to top
Go to bottom