සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සිනමා කාව්‍යයක් වන " බිම්බා දේවී හෙවත් යශෝදරා” සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පල්ලවී සුභාෂ් මේ වනවිටත් ශ්‍රී ලංකේය ප්‍රේක්ෂකාදරය නොමදව දිනාගත් රංගන ශිල්පිනියක්.
විශ්වයේ පහළ වූ වනිතා ශ්‍රේෂ්ඨාව පිළිබඳ පූජනීය සිනමා වෘතාන්තය “යශෝධරා” චිත්‍රපටයේ ප්‍රදර්ශනය වෙනුවෙන් මෙරටට පැමිණි පල්ලවී මිරර් ආට් සමඟ විශේෂ කතාබහකට එකතු වුණා.
යශෝධරා කියන්නේ උතුම් චරිතයක් . එවැනි සුන්දර චරිතයකට පණ පොවන්න ලැබීම මට සතුටට කරුණක්. ඇගේ චරිතය සමස්ත කාන්තාවන්ටම ආදර්ශයක් සපයනවා. නරඹන්නන්ගේ ගෞරවයට පාත්‍ර වුණු එවැනි ආදර්ශමත් චරිතයක් ඉදිරිපත් කරන්න ලැබීම සතුටක්.
එය ඇත්ත වශයෙන්ම මට අභියෝගාත්මක වුණා. මම මිට පෙර සිංහල භාෂාව අහල තිබුණේ නැහැ. මෙය මගේ පළමු ශ්‍රී ලංකේය සිනමාපටය. සුනිල් සර් මුණගැහිලා චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරලා ඒ ගැන සාකච්ඡා කළාට පස්සේ, වැඩමුළු ආරම්භ කළාට පස්සේ භාෂාව ගැන අවබෝධයක් ලබාගන්න මට පුළුවන් වුණා.
භාෂා අධීක්ෂකවරයෙක් මට නිරන්තරයෙන් උපකාරී වුණා. දර්ශනයක් රූගත කරන්න පෙර වාක්‍ය දෙක තුනක් හෝ කියන්න මට පුළුවන් වුණා අනිත් අයගේ උපකාර ඇතිව. භාෂාව ඉගෙන ගන්න අවශ්‍යයි කියලා මම හිතනවා.
යශෝධරා ගේ චරිතය ධනාත්මක ලෙසින් මගේ පෞද්ගලික ජිවිතයට වෙනසක් එක් කළා කිව්වොත් මම නිවැරදියි.”
“මම මිට කලින් ලංකාවට ඇවිත් නැහැ. මේ අවස්ථාව නිසා මට ප්‍රථම වතාවට ලංකාවට එන්න හැකි වුණා. මම දැන් ලංකාවට ආදරය කරනවා. මම මේ චිත්‍රපටයේ වැඩකළ සියලු දෙනාටම ස්තුති කරනවා. ඔවුන් නිසා මට මේ ස්ථානයේ ඒ සුන්දරත්වය අත්විඳින්න හැකි වුණා. ඒ වගේම මම මේ සුන්දර ශ්‍රී ලංකාවේ තවත් තැන වලට යන්න බලාපොරොත්තු වෙනවා.