නුදුරු දිනකම දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත ගජමෑන් චිත්‍රපටයේ නිල පුර්ව ප්රචාරක පටය මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
70 දශකයේ පුවත් පත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ කාටුන් චරිතයක් වන ගජමෑන් ඇතුළු කැමිලස් පෙරේරා කාලාකරුවා විසින් නිර්මාණය කරන ලද තවත් කාටුන් චරිත කිහිපයක් පාදක කරගනිමින් මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ප්‍රථම චිත්‍රපටය මෙය වේ.
මෝෂන් කැප්චර් තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය වී ඇති ගජමෑන් චිත්‍රපටය සදහා රුපියල් මිලියන 75කට අධික මුදලක් වැය වී තිබේ.
මෙහි හඩ මුසුවෙන් දායක වන ප්‍රධානම ශිල්පීන් දෙපල වන්නේ සුනෙත් චිත්‍රානන්ද සහ ගාමින්ද ප්‍රියවිරාජ් යන ශිල්පීන් දෙදෙනාය.
ඊට අමතරව සුනිල් පෙරේරා, යුරේනි නොෂිකා, රෂි ප්‍රබෝධා යන කලාකරුවන්ද හඬ දායකත්වය සපයා තිබේ.