ඉංග්‍රීසි භාෂාවෙන් saffron (සෆරාන් යන අරාබි වදනේ තේරුම කහ පැහැය යන්නයි) යනුවෙන් හැඳින්වෙන අතර විද්‍යාත්මක නාමය Crocus sativus වෙයි.
කුංකුම යනු ලොව ඇති ඉතාම මිලෙන් අධික කුළුබඩු වර්ගය ලෙස සැලකේ. නූල් මෙන් දිස්වන රත් පැහැති පුෂ්පයේ කලංකය සහ ඉන් ලබාදෙන රත්රන් කහ වර්ණය පිළිබඳව ඈත ඉතිහාසයේ පවා සඳහන් වී තිබේ. පුරාණ ග්රීකවරුන් සහ රෝමවරුන් කුංකුම භාවිතා කලේ සුවඳ විලවුන් වශයෙනි. ඉපැරණි රෝමයේ ස්නානාගාර සහ පොදු ශාලා සුවඳවත් කිරීම සඳහා කුංකුම යොදා ගෙන තිබේ. 1550 ගණන්වල සිට චීන වෛද්‍ය විද්‍යාත්මක අමුද්‍රව්‍ය හා සම්බන්ධ සටහන්වල කුංකුම පිළිබඳව සඳහන්ව තිබේ. වර්තමානයේ එය නැගෙනහිර, මැදපෙරදිග හා යුරෝපීය ආහාරවල අත්‍යාවශ්‍ය අංගයකි.
කුංකුම ශාකයේ උපත සහ මුල්ම වගාවන් ග්‍රීසියේ සිදුවී ඇති බව විශ්වාස කෙරේ. අද වනවිට කුළුබඩුවක් ලෙස මූලිකව ඉරානය, ග්‍රීසිය, මොරොක්කෝව සහ ඉන්දියාව තුල වගා කෙරේ. ලොව කුංකුම සැපයුමෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් ඉරානයේ නිෂ්පාදනය කෙරේ.
සෑම කුංකුම පුෂ්පයකම රත් පැහැති කලංක 3 ක් තිබේ. ශාකයේ පුෂ්ප හටගැනීම වසරකට 1 ක් වරක් සිදුවන අතර එය සති 1 ක පමණ කාලයකට පමණක් සීමාවෙයි. පුෂ්පයේ කලංක වල ගුණාත්මක බව සුරැකීම සඳහා පුෂ්පයේ පෙති විහිදීමට පෙර, එනම් උදෑසන මැද භාගයේදී අස්වනු නෙළීම කළ යුතුවෙයි. එමෙන්ම අස්වනු නෙළීම දෑතින්ම පමණක් සිදුකල යුතුවෙයි. වියළි කුංකුම අවුන්ස 1 ක් නිපදවීමට කුංකුම පුෂ්ප 1000 ක් පමණ අවශ්‍ය වේ. එබැවින්, කුංකුම ග්‍රෑම් 1 ක් සඳහා ඩොලර් 10 සිට ඩොලර් 13 ක් අතර මිළක් ගෙවීමට සිදුවේ.
©ඔබදුටු ලෝකයෙන් එහා ට
https://mirrorarts.lk/ar/featured/4274-saffron-kunkuma#sigProIddff753d1b4