සෙල්ෆි ගහන්නම නිර්මාණය කළ කෞතුකාගාරය “නෝ ෆිල්ටර්”
එකිනෙකා හා සම්බන්ධ වෙමින්, තමන්ගේ නිර්මාණශීලි අදහස් ප්‍රයෝජනයට ගැනීමේ අවකාශය තරුණ තරුණියන්ට ලබා දෙන, සමාජ මාධ්‍ය හිතකාමී කෞතුකාගාරයක් ඔස්ට්‍රියාවේ වියානා නුවර දී විවෘත කර තිබෙනවා.
වෛවර්ණ බිත්ති වගේම යෝද බඩුවලින් පිරී ඇති මෙතන සෙල්ෆි ගහන්නම කියාපු තැනක්. එකිනෙකට වෙනස් කාමර 24 කින් මේ කෞතුකාගාරය සමන්විත යි. විනෝද වීමට අවශ්‍ය විවිධ ප්‍රදර්ශන භාණ්ඩ එතැන අඩු නැතිව තිබෙනවා. ඒ වගේම එතනට පැමිණෙන කෙනෙක්ට තමන්ට ඕනෑ අයුරින් සෙල්ෆි ගැසීමේ අවස්ථාව ද සලසා දී තිබෙනවා.
බෝල පිරවූ කුටි, මල් පිරුණු බිත්ති, සරුවපිත්තල කොළ කැබලි ආදී විවිධ විච්චුරණ දේවල් සේම කප්කේක්, මැකරූන් වැනි ආහාරයට ගත නොහැකි දේවලින් නිර්මාණය කළ කෑම ජාති පිරුණු කාමරයක් ද මේ කෞතුකාගාරයේ තිබෙනවා.
දැනටමත් මේ කෞතුකාගාරය තරුණ, තරුණියන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති බවයි පැවසෙන්නේ.
“බොහොමයක් තරුණ උදවිය කෞතුකාගාරයකට යන්නේ නැති තරම්. ඉතින්, අපි සමාජ මාධ්‍ය යොදා ගනිමින් ඊට පිළියම් සොයන්නයි උත්සහ කරන්නේ,” යනුවෙන් ‘නෝ ෆිල්ටර්’ කෞතුකාගාරයේ සම-නිර්මාතෘ පෙට්රා ෂැරින්ගර් පවසයි.
“ඔවුන් සැබෑ ලෝකයත් එක්ක ගණුදෙනු කරනවට වඩා කැමති ඔන්ලයින් ජිවත් වෙන්න”
මෙම කෞතුකාගාරය තාවකාලිකව නිර්මාණය කළ එකක් වන අතර ඉදිරියේ දී එය විවිධ නගර සහ රටවල්වලට රැගෙන යාම එහි නිර්මාතෘවරුන්ගේ බලාපොරොත්තුව යි.
https://mirrorarts.lk/ar/featured/5862-no-filter-191004#sigProId2c40d96e6b