බඩගින්දර යටපත් කළ දයාව කරුණාව
ඒ විශිෂ්ට රූප පෙළ බලන්න. මොනවගේ පණිවිඩයක් ද මේ සත්තු දෙන්නා අපිට දුන්නෙ කියල කල්පනා කරන්න. ඕන නම් උන් සත්තුනේ කියලත් ඔබට නිකන් ඉන්නත් පුලුවනි. හැබැයි එතකොට අපි උන්ටත් අන්ත වෙන බවත් මතක තියාගන්න.
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදි මේ අපූරු ඡායාරූප ටික සිය කැමරාවේ සටහන් කර ගත්තු ටැන්ටෝ යෙන්සන් (Tanto Yensen ) මෙහෙම කියනවා. ඒ ලස්සන සුදු පැහැ මී පැටියා අත්ත දිගේ දිව ආවේ කිසිත් නොදැන ය. එහෙත් හදිසියේම උගේ ඉස්සරහ හිටියේ මුව අයාගත් නපුරු ගෙම්බෙකි. මී පැටවාගේ දෑස් පියවුණි. ගෙම්බා මාංශ භක්ෂකයෙකි. ඌ මීයන් ගිලිනවා මා ඕනෑ තරම් දැක ඇත. එහෙත් කිරි සුදු පැහැති මීයා බිය වුයේ නැත. විය යුත්තක් වුවාදෙන් යනුවෙන් සිතා ඌ ගෙම්බා ඉදිරියේ දෑස් වසාගෙන, හිස නමාගෙන සිටියේ ය. ඉන් ගෙම්බා වික්ෂිප්ත වුවා දැයි නොදනිමි. එහෙත් ඒ මී පැටවාගේ කලබල රහිත අනපේක්ෂිත ඉරියව්ව ගෙම්බාගේ සිතිවිලි වෙනස් කළේ ය. එබැවින් සිය ගොදුරට කිසිත් හානියක් නොකරන්න ඌ සිතා ගත්තා විය හැකි ය. තමාට කිසිත් නොවූ බැව් දැනුණු පුංචි මී පැටියා සිය දෑස් විවෘත කළේ ය. මීයා දුටුවේ ආරාධනාත්මක දෑසින් ඌ දෙස බලා සිටිනා සිය සතුරා ය. හෙමි හෙමින් නැගිටි මීයා තමාට අභයදානය දුන් ගෙම්බාගේ හිස සෙමින් අත ගෑවේ ය. අනතුරුව උගේ හිස මෘදුව සිප ගත්තේ ය.
සටහන: උපාලි ජයසිංහ
https://mirrorarts.lk/ar/featured/6118-fandm-191209#sigProId2c3031ea97