ඇය සිය සිතුවමේ අනුභුතින් හා එහි ලා වර්ණ භාවිතා කලේ ඇගේ උමතු ආශාව, නිර්භීතබව හා වෙිදනාව කියාපෑමටය . ඇගේ සියලු සිත්තම් සහමුලින්ම ස්ත්‍රී වාදී විය.ඇය විතර වෙිදනා විදි ගැහැණියක් චිත්‍රකලාව තුළ නැතැයි පැවසේ.
FRIDA KAHLO මේ මෙක්සිකානු සිත්තරාවියට පෝලියෝ රෝගය වැළදුනේ ඇගේ වයස අවුරැදු 5 පිරෙද්දීය. ඉන් දකුණු කකුලට වඩා වම්කකුල සිහින් විය. ෆීඩා කාලෝ ගේ මව ඇය වැඩිවිය පැමිණෙනතුරාවට ඇයට ඇන්දවුයේ කකුල් නොපෙනෙන දිග ගවොම්ය. වයස 18 වෙද්දී වෛද්‍ය වරියක් වීමේ චේතනාවෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ මේ කෙල්ල සිය පෙම්වතා සමග ගමනක් යන අතරතුර මාරක බස් අණතුරකින් තුවාල ලැබුවාය. ඉන් ඇගේ ඉළ ඇට ද කොදු ඇටද තැනින් තැන බිදි ගිය අතර උර පත්ත තුනට හතරට ද කෙල්ලගේ දෙපා තැනින් තැනද කැඩී බිදි තිබිණි. කොටින්ම ඇය සුන්බුන් ගොඩක් වුවාය. නමුදු වෛද්‍ය විද්‍යාව අසාමාන්‍ය ශල්‍ය කර්ම වරින් වර 30 ක් කරමින් ඇය ඡිවත් කරවීය. ඇය හුදකලා වෙිදනා සාගරයක ගිල්වමින් ඇගේ චපල පෙම්වතා පලා ගියේය.ඇයට සෙවන දුන්නේ ඇය මහත් ආදරය කල ඇගේ නිල් නිවස නමින් හැදින්වෙන නිවෙසත් ඇගේ සහෝදරිය සහ මවත්ය.
ප්‍රීතියෙන් පියඹා ගිය කිරිල්ලකට තටු කැඩී බිදී රෝද පුටුවකට සීමා විමේ අප්රසන්නන බවට මුහුණ දීමට සිදුවිය. තටු බිදුනද සිතිවිලි ගලා ආවෙිය. ඒවා මිය යාමට තරමි කටුක ශෝකී සිතිවිලිය. ඇය වෛද්‍ය විද්‍යාව අතහැර දැමු අතර හුදෙකලාව ඡයගැනීමට පිංසල තෝරා ගත්තීය. ෆීඩා ගේ ප්‍රථම සිතුවම ඇයම විය. ඇය කණ්නාඩියකින් බලා තම ප්‍රතිබිමිබය කැන්වසයක් මත ඇතිරැවාය.
එහි ඇගේ වචනයෙන් කිව නොහැකි වෙිදනාව සටහන් විනි. ඉගටියේ සිට උගුර දක්වා පලා ඇති සහ යකඩ කැබැල්ලක් කොදු නාරටිය වී ඇති මුලු පපුව පුරා ඇන ගසා වෙලුමි පටිවලින් බැද ඇති ෆීඩා කාලෝව ඇය චිත්රනය කර තිබිණි.
දිගින් දිගටම දුක්බර පරාඡිත ගැහැනියක් කැන්වසය තුල වර්ණ ගැන්වූ ෆීඩා කාලෝ මුලු මෙක්සිකෝව පුරාම ඡනප්‍රිය විය. ඒ අතර තුර ඇය 1927 දී මෙක්සිකෝ කොමියුනිස්ටි පක්ෂයට බැදුනාය. එහිදී දැඩි අදිටනකින් ඡීවිතය ඡිවත් කරවන මේ කෙල්ලට මුලු මෙක්සිකෝවෙිම ඡනප්‍රිය දියෝගෝ රිවෙිරා නමි අතිශය ප්‍රකට චිත්‍ර ශිල්පියා හමුවිය.ඒ වනවිට ඇය යම් ඉලක්කයක් හඹා යාමට තීරණය කර තිබිණි . එබැවින් ෆීඩා ඇයට වඩා හතර ගුනයක් විශාල දැවැන්ත සිරුරක් හා විවාහයන් 4 ක් කරගත් තමාට වඩා වයසින් බොහෝ වැඩි මෙි දියාගෝ රිවෙිරා සමග විවාහ විය. එය අලියෙක් සමග පරෙවි ධෙිනුවක් විවාහ වුවාක් වැන්න . ඇගේ මව මෙසේ කීවායැයි සටහන් වී ඇත.
ආදරණීය ෆීඩා
හස්තියෙකුගේ අතගෙන
පරෙවි ධෙිනුවකට
ඉගිල යා හැකිද බොහෝ දුර ?
ඇය ඒ කිසිවක් ගණන් නොගත්තාය. නමුදු කාලෝ යනු අතිශය විනෝදකාමී කිසිවකින් තෘප්තිමත් නොවන නිදහස් ලිංගික ඡිවිතයක් ගෙවන්නෙක් බව ඇයට තේරැම් ගියේ පසුවය. 1039 දී ඇය දියෝගෝ රිවෙිරාගෙන් දික්කසාද විය. මෙි වෙන්වීම ඒ වනවිට රුසියාවෙන් පිටුවහල් කල ලියෝන් ට්‍රොස්කි ඇගේ ගෙදර නැවතුන පසුව යැයි කියවේ.ට්‍රොස්කි මෙක්සිකෝවෙි නැවතී සිටියේ ෆීඩාගේ නිල් නිවෙසේය. ඇය ලියෝන් ට්‍රොස්කි හා පෙමින් වෙලී සිටි කාලය එයයැයි කියනු ලැබෙි. කෙසේ වුවත් ලියොන් ට්‍රොස්කිව සහාසිකයෙක් විසින් අයිස් කඩන පොරොවකින් පහර දී මරා දැමු පසු ඇය නැවතත් 1941 දි දියෝගෝ රිවෙිරා හා විවාහ වන අතර 1954 ඇය හුස්ම ගැනීමෙි අපහසුවෙන් මිය යනතුරැම ඒ සමිබන්ධය නොබිදී පැවතියේය.
ඇගේ සිතුවම් ජාතික සහ වාර්ගික අනන්‍යතාවය, ඉතිහාසය සහ කොමියුනිස්ට්වාදය, ද්වීලිංගිකත්වය සහ ඇගේ වඳභාවය සහ රිවේරාගේ ද්‍රෝහිකම වැනි වේදනාකාරී සිදුවීම් පිළිබඳ ප්‍රශ්න විමර්ශනය කළේය.
ෆීඩා කාලෝ වරින් වර සිය බිදුණු සිරැරෙන් අසීමිතව වෙිදනා වින්දද ඒ හැමවිටකම ඇගේ ඉලක්කයන් හමුවෙි ඒවා දෙවැනි කොට සැලකුවද ඇයට ඡයගත නොහැකි යම් දෙයක් විය. ඒ ඇය අසීමිතව බලාපෙරෙත්තු දල්වා සිටියේ දරැ උපතකි. හැමවිටම ඒ පිළිසිදගත් කළලයන් විනාශ විය. ඊට හේතුව පෝලියෝ රෝගයද එසේ නොමැතිනම් හදිසි අණතුරෙන් සිදුවූ ශාරීරික වෙනස් කම් දැයි ඇය ස්ථිරවම දැන සිටියේ නැත.
Frida Kahlo ගේ 1949 ස්වයං-ප්‍රතිමූර්තියDiego y yo නොහොත්Diego and I 2021 නොවැම්බරයේ සියලු ලතින් ඇමෙරිකානු චිත්‍ර ශිප්ලීන්ගේ විකුණුම් වාර්තා බිඳ දැමූ අතර, එය මෙතෙක් වෙන්දේසියේ අලෙවි වූ ලතින් ඇමරිකානු කලාකරුවෙකුගේ මිල අධිකම කෘතිය බවට පත් විය, මෙම සිතුවම ඩොලර් මිලියන 39 කට ඇමෙරිකා එක්සත් ඡනපදයේ The Rivals ක්‍රිස්ටීස් හි වෙන්දේසි විය, ගැනුම්කරුEduardo F. Costantini, ආර්ජන්ටිනාවේBuenos Aires (MALBA) ලතින් ඇමරිකානු කලා කෞතුකාගාරයේ නිර්මාතෘ ලෙස හඳුනාගෙන ඇත.
අපට ඇය වටින්නේ අපට ඇයව මතකයක් වන්නේ සුන්බුන්වු සිරුරක සිට අතිශය වෙිදනාවෙන් සිය ආත්මය සිත්තම් කල ගැහැනියක ලෙස හා තම ඉලක්කය වෙත කිසිවෙක් ගණන් නොගෙන අභිතව පිය නැගූ ගැහැනියකද ලෙසය.
උපුටාගැනීම උපාලි ජයසිංහ ගේ ෆේස්බුක් පිටුවෙනි
https://mirrorarts.lk/ar/featured/6563-frida-kahlo#sigProId1412327b77