රංගන ක්ෂේත්රයට එන යන නළු නිළියන් අතරේ ප්‍රේක්ෂක හදවත්වල හැමදාම මතක තිබෙන චරිතයක් තමයි මේනකා පීරිස් කියන්නේ. රංගනයට නර්තනය වගේම නිවේදනයටත් දක්ෂතා ඇති ඇය ක්ෂේත්රයට ඇවිත් ඉතාම කෙටි කාලයකින් හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක් දිනාගන්න සමත් වුණා.
ඒ වගේම නර්තන ගුරුවරියක විදියට දරුවන් දහස් ගණනකගේ නර්තන හැකියාවන් වැඩිදියුණු කිරීමටත් ඇය කටයුතු කරනු ලැබවා.නමුත් මේනකා පසුගිය කාලයේ නිතර රූපවාහිනි තිරයෙ දකින්න ලැබුනෙ නැහැ.
ගෙවුණ වසර දෙකක කාලය තුළ මේනකා ගේ පුද්ගලික ජීවිතය අළලා සමාජ මාධ්‍ය හා විවිධ වෙබ් අඩවි හරහා වගකීම් විරහිතව චෝදනා හා මඩ ප්‍රහාර එල්ල කර තිබුණා. ඒ කිසිදු චෝදනාවකට පිළිතුරු නොදී නිවැරදි මොහොත එනතුරු තමන් නිහඬව සිටීමට තීරණය කළ බවයි මේනකා පවසනවා.
කොහොම නමුත් අද වන විට මේනකා පීරිස් සාර්ථක යුග දිවියක් ගත කරනවා. දැන් ඇය පුංචි සුරතල් පුතෙකුගේ ආදරණීය මවක්. මේනකා විවාහ වී සිටින්නේ කලක් මාධ්‍ය ක්ෂේත්රයේ කටයුතු කළ ප්රචාරක ක්ෂේත්රයට සම්බන්ධව කටයුතු කරන සදර්න් ටර්න් නෙට්වර්ක්ස් ප්රචාරක ආයතනයේ හිමිකරු ඩිල්ෂාන් පතිරණ සමඟයි.
මේනකාගේ එකම ආශාව වුණේ උතුම් වූ මව් පදවිය ලැබීමයි. අද ඇය සාර්ථක යුග දිවියක් ගෙවමින් ඒ අරමුණ ඉටුකරගෙන තිබෙනවා.
ඉතින් මේනකාගේත් ඩිල්ෂාන්ගේත් ආදරණීය පුත්‍රයා විද්වාන් ගේ පළවෙනි උපන්දිනය පසුගිය දා සමරණු ලැබුවා.
https://mirrorarts.lk/ar/featured/6587-actress-menaka-celebrate-her-sons-birth-day#sigProId24710fa849