ටෙලි නාට්‍ය වල මැවෙන චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් රගපාන අය ගැන විවිධ තක්සේරු වලට යනවා. සමහර අය හිතනවා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලත් ඔවුන් මේ ආකාරයයි කියලා. සැබෑ ජීවිතයෙදී රංගනය ට හෝ තමන් නිරතවන කුමන වෘත්තියකට සම්බන්ධවෙන්න කන කට්ට පහසු නැහැ.
කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ලොකූගේ පෙම්වතිය ලෙස රංගනයෙන් එක්වන සචින්තනී ටත් සුවපහසු ගමනක් ජීවිතේ තිබිලා නැහැ. ඇය විවිධ ටෙලිවිෂන් වැඩ සටහන් වලදී ඒ ගැන කතාකරලා තිබුනා. සාමාන්‍ය පවුලක පවුල් පරිසරයක තියෙන පොදු ආර්ථික දුෂ්කරතා ඇයටත් තිබිලා තියෙනවා. ඉතින් කොහෙමවුනත් ඇයට ඇයගේ දක්ෂතා වළින් ප්‍රයෝජනයක් ගන්න උදව් කරලා තියෙන්නේ පවුලේ අය.
ඒ නිසා සචින්තනීට අධ්‍යාපන පැත්තෙනුත් ඇය ට සාර්ථක ගමනක් යන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට සූදානමිනුයි ඇය ඉන්නේ. සචින්තනී නීතීඥවරියක් ලෙස ඉදිරියෙදී සමාජ ගත්වන්නට නියමිතයි.
රංගන ශිල්පිණියක් ලෙසත් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ලබමින් සිටින සචින්තනී සිය ජීවිතය පිළිබඳ මෑතදී පුවත් පතකට පවසලා තිබුනේ මෙවැනි අදහස් .
"ඇත්තටම මම අද තැනක ඉන්නවනම් ඒ තැනට එන්න මමත් මගේ පවුලේ අයත් සෑහෙන කැපකිරීම් කරලා තියෙනවා. ඉගෙන ගන්න කාලේ වුණත් අපි ගත කළේ බොහොම දුෂ්කර ජීවිතයක්. මගේ ගමන් මාවතේ ගල්මුල් බොරලු ඕනෑවටත් වැඩියෙන් තිබුණා. මල් ඇතිරූ මාවතක නෙමෙයි මම ඇවිදගෙන ආවේ. ඒ නිසා මම අද ඉන්න තැන ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. මට තවත් ගොඩක් දුර යන්න තියෙනවා."
එවන් අවබෝධයක් ඇති තරුණියකගේ ජීවිතයේ ආදරය පිළිබඳ හැගීම කොයිවගේ වෙන්න පුලුවන්ද?
"ආදරය කියන මාතෘකාව ටිකක් සංකීර්ණයි. ඇත්තටම මම ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම මම ගොඩක් ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ආදරයක් දෙන කෙනෙක් මට තවම හමුවෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා.ඇත්තටම මම ආදරයට කිට්ටු වෙන්න ටිකක් බයයි".
මෙවන් අදහසක් වර්තමානයේ ඔ්නෙම යොවුන් හිතක ඇතිවන දෙයක්. ආදරයේ අත්දැකීම් සමග සහ සමාජය දෙස බලන විට දැනෙන. සචින්තනී රංගන ශිල්පිණියක් ලෙසත් නීතිඥවරියක් ලෙසත් ඉදිරියේදී වැඩ කටයුතු සමබරව කරගෙන යන්න හැකිවේවි.තමන් කුමන රැකියාවක නිරතවුවත් හැමවිටම අවශ්‍ය වන්නේ බුද්ධිමත් වීම සහ යහපත් සිහියෙන් කටයුතු කිරීම.
"දිගැසිගේ චරිතයට ප්රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ වෙද්දි නිර්මාණ රාශියක රඟපාලා නැහැ.කෙටි කාලයක් ඇතුළත ටෙලිනාට්‍ය ගණනාවක රඟපාලා ඉක්මනින් ජනප්‍රිය වෙලා, ප්‍රේක්ෂකයන්ට ඉක්මනින්ම අමතක වෙන චරිතයක් වෙනවාට වඩා,එක නිර්මාණයකින් හරි ප්‍රේක්ෂකයන්ට මතකයේ රැඳෙන දෙයක් ඉතිරි කරන්න ලැබෙනවා නම් එතැන තමයි රංගනයේ සාර්ථකත්වය තියෙන්නේ කියලා මට මගේ ගුරුවරයෙක් කියලා තියෙනවා. ඒ නිසා දිගැසිට ලැබෙන ප්‍රතිචාර ගැන මම නිහතමානීව සතුටු වෙනවා. ඇත්තටම ධනුෂ්ක අයියාවත් මමවත් හිතුවේ නෑ දිගැසිට මේ තරම් ආදරයක් ලැබෙයි කියලා. රංගනය ගැනත් ඉගෙන ගනිමින් හෙමීට මගේ ගමන යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.මේ තැනට එන්න උදව් කළ පවුලේ අයට,කලාවේ මුල මැද අග ඉගැන්වූ සියලු දෙනාට,සචින්තනීව රංගන ශිල්පිනියක් කළ සියලු දෙනාට සහ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා."
සචින්තනී,දිගැසි ලෙස තව තවත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගනීවි.
අරුණ පුවත්පතේ ලිපියක් ඇසුරෙනි. ජායාරූප අන්තර්ජාලයෙනි.
https://mirrorarts.lk/ar/featured/6591-actually-i-m-a-little-afraid-to-get-close-to-love-sachinthani#sigProId2ab2831a77
https://mirrorarts.lk/ar/featured/6591-actually-i-m-a-little-afraid-to-get-close-to-love-sachinthani#sigProId2ab2831a77