lan englan tam

එක තැන නොඉඳ බර අඩු කරගන්න රත්නා ලාලනීගෙන් උපදෙසක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රත්නා ලාලනී ජයකොඩි යනු ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ තවමත් සක්‍රීයව නිරත වන, කලා පවුලක සාමාජිකාවකි.

මෑතකදී එක තැන හිඳීමෙන් වැඩි වූ තම සිරුරේ බර අඩු කරගැනීමට ඇය ව්‍යායාම කිරීමට යොමු වී ඇති බව ඇගේ පුත් මන්ජිත තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර සිටීම දක්නට ලැබිණි.
එහිදී රත්නා ලාලනී රංගන ශිල්පිනිය පවසන්නේ ව්‍යායාම යනු නිවසේදීම කළ හැකි එකක් වුවත් එසේ නොවීමත් සිය පුතු ශරීර සුවතා මධ්‍යස්ථානයක් (ජිම්) වෙත තමන් රැගෙන යාමත් හේතුවෙන් ඇය ව්‍යායාම වෙත යොමු වූ බවය.
සිය සැමියා අහිමි වීමේ කණස්සල්ල හේතුවෙන් බොහෝ විට එක තැනකට වීම කල්පනා කිරීමට පුරුදු වීම වැළකීමට සිය පුත්‍රයා මෙම පියවර ගත් බව ඇය මෑතකදී පුවත්පත් සාකච්ඡාවකදීද කියා සිටියාය.
එසේම ව්‍යායාම කිරීම මනසටද සුවදායී බව ඇය එහි පවසා තිබිණි.

Back to top
Go to bottom