සාහිත්‍ය නිර්මාණ එළිදැක්වීමක් පිළිබඳව අවුරුදු හතක නිහඬතාවය බිඳිමින් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී සහ ලේඛක තිඹිරියාගම බණ්ඩාරගේ සිය මීළඟ 'රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන' කෘති දෙක අද (16)දොරට වැඩීමට නියමිතය.
කොළඹ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සවස 04ට පැවැත්වෙන 'රෝසමල් කුමාරයා සහ කතුවැකි විමර්ශන' පොත් දොරට වැඩුමේ මුලසුන අධිනීතිඥ ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ විසින් මෙහෙයවනු ලබයි.
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, සාහිත්‍ය කලා විචාරක සිසිර කුමාර මහගම දේශන පවත්වති.
වැඩසටහන් පූරක වන්නේ සාහිත්‍යවේදී දේවි ගාල්ලගේය. කෘති සමුද්‍ර ප්රකාශනයකි.
මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාරයන්ගේ උපන්දිනයද අද දිනට යෙදී තිබේ.