වාර්ෂික ලෝක ප්රවෘත්ති ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව ඡායාරූපකරණය පිළිබඳව විවෘත සාකච්ඡාවක් ජනවාරි 19 ඉරිදා සවස 4 සිට 6 දක්වා කොළඹ 7 Independence Arcade පරිශ්‍රයේ උඩුමහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනවාරි 20 වැනිදා දක්වා කොළඹ 7 Independence Arcade පරිශ්‍රයේදී වාර්ෂික ලෝක ප්රවෘත්ති ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ.
නොමිලේ පැවැත්වෙන මෙම සංවාදය සඳහා ඡායාරූපකරණයට ලැදි සියල්ලන්ට විවෘත ආරාධනා කෙරෙන අතර එහිදී මූලික අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ ඡායාරූප ශිල්පීන් වන ඩේවිඩ් බ්ලැකර්, අමීනා නිසාර් හා දෘශ්‍ය කලා විචාරක බූපති නලින් වික්‍රමගේ විසිනි.
සාකච්ඡාව මෙහෙයවීම සිදු කරනු ලබන්නේ මාධ්‍යවේදී කමන්ති වික්‍රමසිංහ විසිනි.