ඉන්දියාවේ වංශවත් පෙළපතක පුරුකක් මෙන්ම ජනප්රිය බොලිවුඩ් නළුවකුද වන සායිෆ් අලී ඛාන්ට තියුණු ආයුධයකින් ප්රහාරයක් එල්ල වී තිබේ.
පහර දීම හේතුවෙන් අද (16) අලුයම් කාලයේ තුවාල ලබා රෝහල්ගත කෙරුණ නළුවා සිය මුම්බායිහි නිවසේ සිටියදී තුවාල ලබා ඇත.
නිවස තුළට අනවසරයෙන් ඇතුළු වී ප්රහාරය එල්ල කිරීම පිළිබඳව මේ වන විට පොලිස් පරීක්ෂණ පවත්වයි.
සායිෆ් යනු ඉන්දියාවේ ජනප්රිය සහ දක්ෂ ක්රිකට් ක්රීඩයකු වූ මන්සූර් අලී ඛාන්ගේ සහ ඉන්දීය සිනමාවේ ජනප්රියතම තාරකාවක් වූ ශර්මිලා තාගෝර්ගේ පුතු වන අතර පියාගේ පසින් ඉන්දීය රජ පෙළපතක වංශවත් පටාවුඩි පෙළපතතේද සාමාජිකයකු වේ.
ජනප්රිය නිළි කරීනා කපූර් සායිෆ්ගේ බිරිඳ වන අතර නිළි සාරා අලී ඛාන් සායිෆ්ගේ එකම දියනිය වේ.