තලෙයිවර් 170 ලෙස තාවකාලිකව නම් කර ඇති රැජිනිකාන්ත්ගේ මීළඟ චිත්රපටයේ නළු නිළියන් සඳහා 'ෆෆා' යනුවෙන් හඳුන්වන ජනප්රිය මලයාලම් නළු ෆහාද් ෆාසිල් එක් වන බව නිල වශයෙන් 'ලයිකා ප්රඩක්ෂන්ස්' විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියවිණි.
ඒ අනුව අපූරු දක්ෂතාවකින් හෙබි ෆහාද් ෆාසිල් සිය නිෂ්පාදන සමාගම සමග එක්වීම එම සමාගමේ සතුටට හේතු වී ඇති බව ලයිකා කණ්ඩායම සිය නිවේදනයෙන් පවසයි.
සූරියා රඟපෑ 'ජායිභීම්' අධ්යක්ෂක ටී.ජේ. ඝ්නානවේල්ගේ මීළඟ චිත්රපටය වන මෙයින් ප්රේක්ෂක බලාපොරොත්තු ඉහළ නංවා තිබේ.
මීට අමතරව මංජු වාරියර්, දුෂාරා විජයන් සහ රිතිකා සිං, රජිනිකාන්ත් චිත්රපටයේ රංගනයෙන් දායක වේ.