lan englan tam

පුවත්

රඟපෑමේ ලාංකේය යක්ෂයා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
 
පූජන දන්දෙනිය කියන නම සහ රුව කලාවට පෙම් කරන අපිට නුහුරු නුපුරුදු එකක් නම් නෙමෙයි . ඒත් රගපෑමට යක්ෂයෙක් උන කොන්ඩෙ ක්රේර්ල් මේ කෙට්ටු හාදයාට නිසි තැන ලැබුනද කියන එක වගේම ඔහුගේ රංගනයන් වලට නිසි ඇගයීමක් ලැබුනද කියන එක මටනම් ප්රෂ්නයක් . එක අතකින් ඒක ඉතින් මේ ලාංකීය කලාවේ අනන්යතාවයනේ. ඒ කොහොම උනත් මට කියන්න ලියන්න ඇවැසි දේ තමයි අපි දන්න කියන පූජන දන්දෙනියට වඩා රගපෑමේ යක්ෂ දක්ෂයෙක් පූජන ඇතුලේ හැංගිලා ඉන්නවා කියන කාරනාව.
පූජන දන්දෙනියගේ රුව මිනිස්ස්සුනට මතක හිතෙන විදියට මිනිස්සු අතරට යන්නෙ.
" රාවණා " " සකූගේ කතාව " " ත්රයිලෝකා " වැනි ටෙලි නිර්මාණ තුලින්. පූජන ජනප්රිය වෙන්නේ සකූගේ කතාවේ සර් විදියට උනත් මට මුල් කාලීනව පූජනගෙ මරුම රංගනය දැකගන්න ලැබෙන්නේ ප්රදීප් දරමදාසගේ " ත්රයිලෝකා " ටෙලිය තුලින්.
මේ විදියට තමන්ගේ ගමන ආරම්භ කරන මේ කෙට්ටු යක්ෂයා ලාංකීය ටෙලි නාට්ය තුල නැතුව බැරි මිනිසෙක් බවට පත් වෙනවා. සරලව ලේසියෙන් පහසුවෙන් ලියල දාන්න පුලුවන් උනාට ඔහුගේ ගමන ලේසි පහසු එකක් නෙමෙයි කියල පූජනගේ නිර්මාණ ජීවිතය දෙස මුල ඉදලා කෙනෙක්ට වටහාගන්න පුලුවන් . නාට්ටිකාරයෙක් විදියට ගමන පටන් අරන් පූජන දන්දෙනිය නම් චරිතාංගමය රංගන ශිල්පියා එන්නේ ලේසි පහසු ගමනක් නම් නෙමෙයි . අපේ බාසාවෙන් කියනවා නම් ඒක ලේසි පහසු ගේමක්නම් නෙමෙයි කට්ට කාලා ආපු ගමනක් . පූජනට තියෙන්නේ මුල ඉදලා පොඩි තැනින් පටන් අරන් ගොඩනැගුනු ශක්තිමත් ගමනක් .
පූජනගේ සමකාලීන රංගන ශිල්පීන් සමග බලනාවිට පූජන කියන්නේ ඔහුගේ පරම්පරාව තුල එක්තරා හැරවුමක් සනිටුහන් කරන්නෙක්. මොකද බොහෝ රංගන ශිල්පීන් කොතරම් දක්ෂ උනත් බොහෝ විට ඔවුන්ට සිදු වන්නේ එක්තරා චරිත වපසරියක සිර වීමට. ප්රේමවන්තයාට කොටුවෙන එකා හැමදාමත් ප්රෙම කරන්නට සහ දුස්ටයාට හැමදාම දුස්ටකම් කරන්නට සිදුවන විටදී පූජන මේ සීමාවන් කඩා බිදගෙන මේ හැම චරිතයක්ම කරන්නට සමත් වෙනවා.
ප්රේමවන්තයාගේ දුෂ්ටයාගේ සිට වෙනස් වූ විවිද චරිතයන් වෙනස් විදියට අපිට ලංකරන්නට පූජන දන්දෙනිය සමත් වනවා . තව විදියකින් කියනවා නම් එකම රාමුවකට කොටුවන චරිත පවා වෙනස් විදියකට රංගනයෙන් වෙනස් කරන්න පූජන සමත් වෙනවා. " ඇය " නම් ටෙලි නාට්ය තුල දකින්න ලැබෙන ප්රේමවන්තයා පූජනගේන් ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම කියන්නෙ පූජන තිරය තුල පෙම් නොකල නිසාවත් නොකරන නිසාවත් නෙමෙයි . පෙර නිර්මාණය තුල සිටි ප්රේමවන්තයාව මරා දමා අලුත්ම චරිතයක් නිර්මාණය කරන්න පූජන සමත් වන නිසා.
" colmbo " ටෙලි නාට්ය තුල වගේම " මැස්සා " තුලත් පූජන නිරූපණය කරන්නේ කලු චරිත. ඒත් ඒ ප්රතිවීරයෝ දෙන්නා එකිනෙකාට හාත්පසින්ම වෙනස්. " ත්රයිලෝකා " ටෙලි නාට්ය තුල වගේම " මුරුගසං " ටෙලි නාට්ය තුලත් අපිට පූජනව දැකගන්න ලැබෙන්නේ යම් මට්ටමක සයීකෝ චරිත දෙකකින්. ඒත් ඒ සයිකෝවරු දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම වෙනස් . කොටින්ම කලින් කිව්වා වගේම පූජන දන්දෙනිය කියන්නේ යක්ෂයෙක් වගේ රගපෑමට දක්ෂ මනුස්සයෙක් .
* " සකූගේ කතාව "
* " දේවී "
*" රාවණා "
*" ත්රයිලෝකා "
* " ඇය "
*" ගිරි දේවි "
*" අදුන්ගිර "
*" සකර්ම "
*" මුරුගසං "
*" මැස්සා "
* " colmbo "
*" please share this "
* " උමතුවෝ දෙන්නෙක් "
*" මිරිගු ඉම "
*" තප්පරයක් දෙන්න "
වැනි ටෙලි නිර්මාණ තුල විශිෂ්ඨ රංගනයක නියලුන පූජනට සිනමාව තුල ලැබුනේ නම් කිසිසේත්ම සෑහීමකට පත් වීමට නොහැකි පොඩි තැනක්. මා දන්නා තරමින් පූජන දන්දෙනිය රංගනයෙන් දායකවන පලවෙනි සිනමාපට වන " සිහින සමීකරණ " මේ වන විට තිරගත වනවා. පූජනව ප්රදාන චරිතෙට දාගෙන " ෆාදර් " කියලා සිනමාපටයක් නිර්මාණය කරනවා කියල සුභ ආරංචියකුත් තියෙනවා 😍
මට අනුව පූජන නිරූපණය කල චරිත තුලින් හොදම චරිත කිහිපය දැකගන්න ලැබෙන්නේ
" මැස්සා " " colmbo " " අදුන්ගිර " " සකර්ම " ත්රයිලෝකා " වැනි ටෙලි නිර්මාණ තුල. මැස්සාහී අග ඉදන් කන කන ටොපි සම්පත් කියන්නේ වර්තමාන ටෙලි තුල දැකපු මරු දුෂ්ටයෙක්. මූ මේ කරන්නෙ චරිතයක් බව දැන දැනම ඒ චරිතයත් එක්ක තරහක් ඇති කරන තරම් ප්රබල ලෙස පූජන එම චරිතය නිරූපනය කරනවා . " අදුන්ගිර " හී කේන්තිකාර මද්දුම අයියාගේ චරිතයත් එහෙම ප්රබල චරිතයක් . අනෙක් චරිත තුලට පවතින තිර කාලය සමග බලනා විට පූජනට " අදුන්ගිර " තුල නිරූපණය කරන්නට ලැබෙන්නේ කුඩා චරිතයක්. ඔහුට තිබෙන කුඩා තිර කාලය තුල පවා වැඩියෙන්ම තියෙන්නේ පහරදීම්, බැන වැදීම් වගේ දේවල්. සරලවම අදුන්ගිරේ පූජන කියන්නේ කේන්තිකාර යක්ෂයෙක්. ඒ කේන්තිකාරයාට මනා සාදාරනයක් ඉෂ්ට කරන්න වගේම කුඩා චරිතයක් තුලින් පවා ප්රෙක්ෂක ආකර්ෂනය ලබා ගැනීමට පූජන සමත් වෙනවා.
පූජන දන්දෙනිය කියන්නෙ ලංකාවේ වර්තමාන රංගන ශිල්පීන් අතර සිටින අති දක්ෂයෙක්. පූජන දන්දෙනිය කියන්නෙ රංගන ශිල්පියෙක් කියන තැනට කොටු කරන්න බැරි දක්ෂ නිර්මාණකරුවෙක්. " මකරෙක් ඇවිත් " නම් වේදිකා නාට්ය වගේම කෙටි සිනමාපට කීපයක් පූජන නිර්මාණය කර තිබෙනවා.
පූජන දන්දෙනිය වැනි දක්ෂයන්ගෙන් නිසි වැඩක් ගෙන සිනමාකරුවන් හොද සිනමාපට නිර්මාණය කරනවා නම් අපේ සිනමාවට මීට වඩා හොද තැනකට යාවි කියල තමයි කියන්න තියෙන්නේ . හොලිවුඩ් බොලිවුඩ් වැනි සිනමාවක් නැති උනත් මලයාලම් සිනමාව වැනි ප්රබල සොදුරු සිනමාවක් බිහි කර ගැනීමට අපට හැකි වේවි. මොකද මලයාලමේ රජ කරන්නේ පූජනලා වගේ පොඩි මිනිස්සු ...
සරලවම හෑලී නැතුව ලියනවා නම් පූජන දන්දෙනිය කියන්නෙ ඕනම චරිතයක් මරුවට දැනෙන්න කරන්න පුලුවන් රගපෑමේ යක්ෂයෙක් . ඉතින් සුභ ❤️
 
චානුක විතාරන
Back to top
Go to bottom

Popular News