තිස් එක් හැවිරිදි සමාජයේ ප්‍රභූ පියෙකුගේ දියනියක වන නෙළුම්, හය මසක් ගර්භණී මවකව සිටියදී සිය රෝගීභාවය හඳුනාගන්නීය.
එය පියයුරු පිළිකාවකි. නෙළුම්ගේ ප්‍රීතිමත් දිවිය දෙදරා ගිය හැඟෙන නමුත්, සිය දරුවා වෙනුවෙන් ඈ වෛද්‍ය ප්‍රතිකාර මගහැර ජීවත් වන්නේ මවකගේ දාරක සේවය ජීවිතාපේක්ෂාවට වඩා විශාල එකක් බව පෙන්නුම් කරමිනි.
කිසිවෙකු කෙසේ ඈ සුරැකියද ඈ සුරකින්නේ සිය ආදරණීය දරුවායි. හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ දියනියගේ සැබෑ ජීවිතය ඇසුරෙන් නිමැවූ ආසු පසුගිය සතියේ සිට ප්‍රදර්ශනය ඇරඹිණි.
සම්මානනීය සිනමා අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන ආසු රංගන දායකත්වය උදාරි වර්ණකුලසුරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න, සෝමරත්න දිසානායක යනාදීහු වෙති.