lan englan tam

සඳ එළියේ සීගිරිය දකින 'සඳෙහි සීගිරිය' ඇරඹෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සංචාරක ආකර්ෂණය ඇති ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්ථානයක් වන ඓතිහාසික සීගිරිය සඳ එළිය ඇති රාත්‍රීන්වලදීද එනම්, පුර පසළොස්වක පොහොය දිනය ආසන්නයේ මසකට දින පහක් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

'සඳෙහි සීගිරිය' නම් වූ සංචාරක අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලබන වැඩසටහනට අනුව පුර පසළොස්වක පොහො දිනකට දින දෙකක් පෙර සහ පුර පසළොස්වක පොහොය දිනයත් ඊට පසු දින දෙකකුත් සංචාරකයන්ට සීගිරියේ රාත්‍රී චාරිකා සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබී තිබේ.

Back to top
Go to bottom