එක අතකට අපි වෙන්න ඇති දැනට ආපු වාසනාවන්ත පරම්පරාව. මෙතනින් එහා අපිට සින්දුවල අනාගතේ මෙච්චර වෙන්න පුළුවන් කියල කියන්න බෑ. නමුත් මෙතනින් එහාට ලොකු පිම්මක් නැහැ රෙකෝඩින් මාධ්‍ය වල.
ඉස්සර ඔරිජිනල් මැක්ස්වෙල් D90 ක තමයි සින්දුගහන්නේ. මොකද සවුන්ඩ් බහින්නෑ. සවුන්ඩ් බැහැපුවා හොයන්නෙ ඩුබායි ඉඳන් ආපු කෙනෙක් ඉන්න පවුලක් සතුව තියෙන සෙටප් එකට දාලා. ඉස්සර කෑලි පහේ සෙටප් මාකට් වූණාට වර්තමානයේ ඊට වඩා ගුණාත්මක හඬ තියෙන මෙවලම් ඇවිත් තියෙනවා.
CD තාක්ෂණය ඉතාම කෙටි කාලයයි දිව්වෙ. දැන් DVD පවා ගෙදර ගෙනාපුවා ඉතුරුයි. නමුත් තාමත් මම වටිනා දත්ත DVD වල දාලා තියෙනවා. මොකද ඩිජිටල් මීඩියා එකකට වඩා ඒක කාලයක් පවතිනව. ඉස්සර අපේ ධනවත් ඥාතීන් ගාව ඔය ඇබා කොබා බොනිඑම් වගේ ග්‍රැමෆෝන් තැටි වගේ ඇල්බම් තිබුණා. ඒවා අපිට දෙන්නෑ ගෙනියන්න සූරාවි කියල. කැසට් වලත් සද්දෙ බැස්සාම අපි කරන්නේ අර පටිය ගලවල පොල් ගහකට විසික් කරන එක!
හොඳම ආතල් තිබුණේ VHS මාධ්‍යයෙන්.
මනෝරම වීරසිංහ