'දෙවෙනි ඉණිම' ටෙලි නාට්‍යයේ පෙම්වතුන් ලෙස රඟපෑ රවීන් කණිෂ්ක සහ නෙත්මි රොෂෙල් රිදී තිරයේද පෙම්වතුන් වන බව පෙන්වන ඔවුන්ගේ මීළඟ නිර්මාණයේ පෝස්ටරයක් අද (01) දිනයේ එළිදැක්විණි.
ඒ නළු නිළි යුවල ප්‍රධාන චරිත සඳහා එක්වෙන "කල්පනා" චිත්‍රපටයේ පෝස්ටරයක් වේ.
චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ රවීන් රඟපෑ පළමු ටෙලි නාට්‍යය වූ 'දෙවෙනි ඉණිම'හිද අධ්යක්ෂවරයා වූ සාරංග මෙන්ඩිස් මෙම චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වීමය.
'කල්පනා' චිත්‍රපටයේ මුහුරත් උළෙලට සමගාමීව මෙම පෝස්ටරය එළිදැක්වුණු අතර ඒ අනුව රිදී තිරයේද මෙම නළු නිළි දෙපල පෙම්වතුන් ලෙස දැකීමේ හැකියාව ඉදිරියේදී ලැබෙනු ඇත.