lan englan tam

පුවත්

අවුරුදු 12ට අඩු දරුවන් ටෙලි තිරයටත් තහනම් වේද?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාව තුළ වෙළඳ ප්‍රචාරණයේදී අවුරුදු 12ට අඩු දරුවන් යොදාගැනීම එළඹෙන ජනවාරි 01 වැනිදා සිට තහනමට ලක් කර තිබේ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හසංක විජේමුණි ඊයේ (06) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට යොදා ඇති බවය.
පසුගිය රජයන් වසර 07කට අධික කාලයක් මුළුල්ලේ මෙම තීරණය කල් දමමින් සිටි අතර එම තීරණය බලාත්මක කිරීමට රජය තීරණය කළ බව ඇමතිවරයා පැවසීය.
මෙම තත්ත්වය ටෙලි, සිනමා සහ එවැනි නිර්මාණ වෙත බලපාන්නේද යන්න ඇමතිවරයා සඳහනක් නොකළේය.

Back to top
Go to bottom

Popular News