lan englan tam

පුවත්

ලෝක ප්‍රකට තබ්ලා හඬ සමුගනී

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලෝක ප්‍රකට ඉන්දීය තබ්ලා වාදකයෙකු වන උස්තාද් සාකීර් හුසේන් ඊයේ (15) කැලිෆෝනියාවේදී සිය ජීවන ගමන අවසන් කළේය.

ලෝක ප්‍රකට ජනාදරයට පත් ඉන්දීය තබ්ලා වාදකයකු වූ සාකීර් තබ්ලා වාදක අල්ල රකාගේ වැඩිමහල් පුතණුවන් හැටියට පියාගේ අඩි පාරේ ගමන් කළේ ඔහුගේ නාමයද කීර්තියට පත් කරමිනි.
වයස අවුරුදු 63ක් ආයු වළඳා මිය යන විට සාකීර් වාසය කළේ ඇමරිකාවේ කැලිෆෝනියාවේය.
තබ්ලා වාදකයෙකු මෙන්ම සංගීත නිර්මාපකයකු සහ නළුවෙකු වශයෙන්ද රසික ප්‍රජාවක ආදරය ලැබූ ඔහු ඉන්දියාවේ මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ඉහළම සම්මානයක් වන ග්‍රැමී සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකු වේ. සත් වරක් ග්‍රැමී සම්මානය සඳහා නිර්දේශ වූ ඔහු ඉන් සිව්වරක් එම සම්මානයට හිමිකම් කී අතර ඉන් අවසන් සම්මානය ලැබූවේ පසුගිය පෙබරවාරියේදීය.
කතක් නර්තන ශිල්පිනියක සහ සිය කළමනාකාරවරියද වූ ඇන්ටෝනියෝ මිනෙකෝලා ඔහුගේ බිරිඳ වන අතර අනීසා සහ ඉසබෙලා යනු කලාවට උරුමකම් කී ඔවුන්ගේ දියනියෝ වෙති.

Back to top
Go to bottom

Popular News