lan englan tam

පුවත්

ඉලංගෝ රාම්ගේ උස සිහිනය 'නෙළුම් කුළුණ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

“නෙළුම් කුළුණ” මෙතෙක් සිනමා පටයකට පාදක නොවූ කතා තේමාවක් සේම විශේෂ අවස්ථාවන් රැසක් සනිටුහන් කිරීමට සමත් වූ චිත්‍රපටයකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ පැවති බ්ලැක් නයිට් සිනමා උළෙලේ විශේෂ ජූරි සම්මානයෙන් මෙය පිදුම් ලැබු අතර , මෙය A/list ගණයට අයත් සිනමා උළෙලකි. Cannes, Venice, Berlin වැනි ඉහළතලයේ චිත්‍රපට උළෙල 15ක් පමණක් A/list ගණයට අයත් වෙයි. වසර 17 කට පසුව එම අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික තෙවන චිත්‍රපටය මෙය වේ. එසේම, ශ්‍රී ලාංකික සිනමා පටයක් ලෝකයේ රටවල් රැසක අතිශය ප්‍රථම වතාවට වෙනත් රටක ප්‍රතිනිර්මාණය වන්නේද “නෙළුම් කුළුණ සමඟිනි”. මෙය දකුණු ඉන්දියාව, ඉතාලිය, දකුණු කොරියාව, ඇමෙරිකාව, ප්‍රංශය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය ප්‍රතිනිර්මාණයට ගිවිසුම් ගත වූ සහ කැමැත්ත පළකළ විදේශයන් වන අතර, ඉංදියානු ප්‍රතිනිර්මාණය දැනට රූගත කිරීම් නිම කොට පසු නිෂ්පාදන අවධියේ පසු වෙයි. නෙළුම් කුළුණ මේ වන විට අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් අටක් නියෝජනය කරමින් සම්මානයට සහ ඇගයීමටද පාත්‍රව ඇත.

තම පියා මියගිය බව දැනගත් ඔහුගේ පුතුන් දැඩි සේ ශෝකාකූල විය. ඔවුන්ගේ දුක ක්ෂණයකින් වෙනස්වීමට බලපෑ එක් කරුණක් විය. එනම්, ඔවුන්ගේ මියගිය පියාගේ සිරුරේ අවයවයක් තවමත් ජීවමානව හා සක්‍රීයව පවතින බව වටහා ගැනීමෙනි. ඒ ඔහුගේ පුරුෂ ලිංගයයි. පියාගේ වියෝව නිසා ශෝකාකූල හා කනස්සලුකාරි දිනයක් වීමට නියමිතව තිබූ මෙදින, මෙම අසාමාන්‍ය සිදුවීම නිසා සම්පූර්ණයෙන්ම කණපිට හැරී කලබලකාරී ආරවුලක් බවට පත්විය. පුතුන් දෙදෙනා විසින් අවමංගල්‍යය කටයුතු පටන් ගැනීමට ප්‍රථම, තම මව හා බිරින්දෑවරුන් දෙදෙනා සමගින් කාටත් හොර රහසේම පියාගේ සක්‍රීය ඉන්ද්‍රිය පහළට නැවීමට සියලු උත්සාහයන් දරයි. පවුලේ සියලු දෙනාම මෙම ලැජ්ජා සහගත ව්‍යසනය අසල්වාසීන් නෑදෑයන් සහ විශේෂයෙන්ම අසල්වැසි ඕපදූප ස්ත්‍රියක් වන කමලාගෙන් වසන් කර තම පවුලේ නම්බුව රැකීමට උපරිම ප්‍රයත්නයන් දරයි.

මෙරට වෙළඳ දැන්වීම් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ඉලංගෝ රාම්, සම්මානනීය කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙකුද වන අතර, ඇමරිකාවේ රොක් පොට් විද්‍යාලයේ කැමරාකරණය පිළිබඳව සහ ඉන්දියාවේ එන්.අයි.ටී. විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ හා විද්‍යුත් සන්නිවේදනය පිළිබඳව උපාධිධාරියකු වේ. කොරියාවේ ඒෂියන් ෆිල්ම් ඇකඩමි සහ රොටර්ඩෑම් ලැබ් ඇතුළු මෙරට සහ විදේශීය ආයතන රැසකින්ම සිනමාවේ විවිධ අංශයන් පිළිබඳව හදාරා ඉහළ පරිචයක් ලද අයෙකි. කැලණිය විශ්වවිද්‍යාලයේ චිත්‍රපට අංශයේ බාහිර කථිකාචාර්යවරයකු මෙන්ම ශ්‍රී ලංකා කාර්මික පුහුණු ආයතනයේ (දමිළ) පාඨමාලා අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර ඇති ඔහු පුද්ගලික ගුවන් නියමු බලපත්‍රයක් හිමි අයකුද වෙයි. කොළඹ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට සම්මාන උළෙලේ ජූරි සභිකයකු ලෙසින් කටයුතු කර ඇති රාම්, නිර්මාණය කළ කෙටි චිත්‍රපට අතර නිහඬ කඳුළු, ගිනිගත් පියාපත්, දොඩන කෙලී ඇතුළු නිර්මාණ රැසක් වන අතර ඒ සියලුම නිර්මාණ ලෝකයේ විවිධ සම්මාන උළෙලයන් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ නිර්මාණද වේ. තිර රචකයෙකු, කැමරා අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන ඉලංගෝ රාම්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණයයි “නෙළුම් කුළුණ”.
රංගන දායකත්වය

කෞශල්‍යා ප්‍රනාන්දු (මව), ප්‍රියන්ත සිරිකුමාර (ලොකු පුතා), තුසිත ලක්නාත් (බාල පුතා), රංජිත් පනාගොඩ (පිය – විල්බට් ජයබාහු), චාන්දනී සෙනවිරත්න (කමලා), චමිලා පීරිස් (පුංචි), දිල්හානි ඒකනායක (අනියම් බිරිඳ), ආලෝකා ගයාත්‍රී (ලොකු පුතාගේ බිරිඳ), සුලෝචනා වීරසිංහ (බාල පුතාගේ බිරිඳ), කෝරලගේ සමන් (ත්‍රීරෝද රථ රියදුරු), මධුර ප්‍රභාශ්වර (මල්ශාලා කළමනාකරු), සංජීව උපේන්ද්‍ර (යකඳුරු), රාජා ගනේෂන්, සරත් මොරොන්තුඩුව (පියාගේ මිතුරන්) අසේල ද සිල්වා (වෛද්‍යවරයා), අශෝක වැන්දබෝනා (ග්‍රාම නිලධාරී), කාංචනා නන්දනී (හෙදිය), සුලෙයිමාන් ඩයස් (ප්‍රධාන භික්ෂුව), ප්‍රදීප් සේනාරත්න (තරුණ භික්ෂුව), ආලෝක සම්පත්, රංජුල ප්‍රනාන්දු (එම්බාම්කරුවන්), ප්‍රසන්න දැකුම්පිටිය (මල්ලිගේ යාළුවා), රුවන් මදනායක, මංජුල රණසිංහ (යහළුවන්), රවී බෝදාහන්දි (බාමන්), ළමයින් – මෙතික නවීන් සේනාරත්න, කුෂේයා අනගි, සෙහන්යා ජයසිංහ


කාර්මික තොරතුරු

තිර රචනය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය – ඉලංගෝ රාම්

නිෂ්පාදනය – හිරණ්‍යා පෙරේරා

සම නිෂ්පාදනය – හිරණ්‍යා පෙරේරා, සන්ජේ ගුලාටි, නීරාජ් පාන්ඩේ, කාර්තිකේයන් සන්තානම්, නවනීතා නාචිමුත්තු, පොන් උමාපති කයිලාස්

කැමරා සහය – මුදිත විතාන, අරුණ සංජය

සහය අධ්‍යක්ෂණය – නිරෝෂන් එදිරිමාන්න, ප්‍රසන්න නිරෝෂන්

සංස්කරණය – ආදන් සිවානන්තර්

ශබ්ද නිර්මාණය සහ සංස්කරණය – නන්දා නන්දි ජයකොඩි

ශබ්ද මිශ්‍රණය – තපස් නායක්

වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ

සංගීත අධ්‍යක්ෂණය – ලියෝන් ජෙම්ස්

සංගීතය සහ ශබ්ද අධීක්ෂණය – රංගන සිංහාරගේ

නිෂ්පාදන සැලසුම්කරණය – අජන්ත අලහාකෝන්

නිෂ්පාදන කළමනාකරණය – මංජුල පෙරේරා

අංග රචනය සහ කේෂාලංකරණය – රජිත දික්හින්න

අංග රචනා සහය – නවෝද්‍ය සත්සර, සුහන් පෙරේරා

ඇඳුම් නිර්මාණය – අජන්ත අලහාකෝන්, නිරෝෂන් සුරන්ජිත්

ඇඳුම් නිර්මාණ සහය – අනුෂා අයන්ති සෙනෙවිරත්න

නිෂ්පාදන කළමනාකරණ සහය – උපමාලි නුවරපක්ෂ

මාධ්‍ය රූපකරණය – රිවිනු අමන්දා

ප්‍රධාන විදුලි ආලෝක ශිල්පී – කෝසල මනෝජ්

ආලෝකකරණ සහය – ප්‍රසාද් දයාරත්න, මංජුල නිලන්ත

ග්‍රීප් – ගිහාන් බුද්ධික

බූම් ඔපරේටර්ස් – ලාල් දිසානායක, දිනේෂ් ඒකනායක

ගායනය – චාරුමතී මුරලිදරන්

නිශ්චල ඡායාරූප – සංජීවන් සංගිලකුමාර්

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News