lan englan tam

පුවත්

නෙළුම් පොකුණ කම්පා කළ අසාර්ථක ගැහැනියකගේ වැළපුම THE NOIR QUEEN KUWENI

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ සහ ජනප්‍රිය සංගීත නර්තනාචාර්යවරයකු වන ආචාර්ය චන්දන වික්‍රමසිංහ මහතාගේ නවතම නිෂ්පාදනය වන THE NOIR QUEEN KUWENI මුද්‍රා නාට්‍යය පසුගියදා කොළඹ නෙළුම් කුළුණ රඟහලේදී සාර්ථකව රඟ දැක්වීම සිදු කෙරිණි.

උඩරට නර්තන සම්ප්‍රදාය සහ මුද්‍රා නාට්‍ය ඇසුරේ කටයුතු කරන ජනප්‍රිය සහ කුසලතා පිරි රංගන ශිල්පී රැසකගේ සහභාගීත්වයෙන් රඟ දැක්වුණු මෙම අවස්ථාවට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සහභාගි වූහ.
තාක්ෂණයේ හැකියාව උපරිමයෙන් භාවිත කරමින් සිදු කළ නාට්‍යයක් වන මෙය මුද්‍රා නාට්‍ය කලාවේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ මුද්‍රා නාට්‍යයකි. මුද්‍රා නාට්‍ය, බැලේ කලාව කෙරෙහි අඩු අවධානයක් ඇති සමාජය කුළුගන්වන උත්සාහයකි.
කුවේණිය ලෙස නිරංජනී ශන්මුගරාජා ප්‍රධාන චරිත රඟපෑ මෙහි ප්‍රවීණ නර්තන ආචාර්යවරුන් වන ආචාර්ය රවිබන්දු විද්‍යාපති, ජයසේන කෝට්ටේගොඩ වැන්නෝද දායක වූහ.
මහා වංශයේ සඳහන් කුවේණිය ඇසුරේ ශ්‍රී ලාංකික රාජ වංශය ආරම්භය සිදු වූ කතා පුවත නව චලන නව පන්නයට යොදාගනිමින් නර්තන ශිල්පීන් 120ක් යොදා ගනිමින් මෙම නාට්‍ය කෘතිය නිර්මාණය විය.
රම්බා හෙවත් කුවේණියගේ මවට ලැබෙන දරුවා කවදා හෝ රට පාවා දෙන බව පෙන්වන අනාවැකියෙන් පටන්ගන්නා නාට්‍යය, මුහුදු පතුලෙන් ගොඩ එන්න දඟලන විජය, කුවේණිය සමග විවාහ වී දරුවන් ලැබූ විජය වංචනිකව කුවේණියගෙන් ඈත් වීම, විජයගෙන් බැට කන කුවේණිය, විදේශීය කුමරියක් ඒමත් සමග මනසින් දිවි යක්ෂණියක් බවට කුවේණිය පත් වී මිය යෑම, පඬුවස්දෙව් රජුගේ දිවි දෝෂය සුවපත් කිරීම මෙම මුද්‍රා නාට්‍යයෙන් කියැවේ.

Back to top
Go to bottom