lan englan tam

පුවත්

'වයිෆ්' නව වසරේ මෙහෙයුම් අරඹයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තරුණ සිනමා නිර්මාණවේදී ශමීර නාඔටුන්න තිර රචනය හා ගේය පද ගොතමින් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය "වයිෆ්" චිත්‍රපටයේ වැඩකටයුතු පසුගියදා සුබ මොහොතින් ආරම්භ විය.

සිත් නොබිඳෙන සාර්ථක පවුල් දිවියක පදනම විස්වාසයයි. සැකය මනසට ඇතුළු වූදා විස්වාසය දෙදරා යයි. එවන් පවුල් සංස්ථාවක පිටතට නොපෙනෙන අභ්‍යන්තර ගැටලු විනිවිද පෙන්වන මෙහිදී හමුවන තරුණ විවාහක යුවලක් වන මාධව සහ නිර්මලාගේ ජීවන අරගලයත් කිරි කැටියෙකුගේ සුවඳ විඳින්නට සිත් තුළ දලුලන සිහිනයත් අතර දෝලනය වෙමින් ප්‍රධාන රැකියාවට අමතරව අතිරේක ආදායම් මාර්ගයක් සොයා යාමට උත්සාහ ගන්නා මාධව මුහුණ දෙන අනපේක්ෂිත මෙන්ම සංකීර්ණ ගැටලුත් හමුවේ ඔවුන්ගේ සාමකාමී පවුල් දිවිය තුළ ඇති වන ව්‍යාකූලතා, නොබිදී නොගිලිහී සිය ජීවිත, සෙනෙහස ආදරය පෙරදැරිව පවත්වාගෙන යාමට වෙර දරණ අනුවේදනීය මෙන්ම තීරණාත්මක උත්සාහයේ ඉරණමයි "වයිෆ්" තුළින් විවරනය වන්නේ.
මාධව හා නිර්මලා ලෙසින් හේමාල් රණසිංහ සමගින් උදාරී වර්ණකුලසූරිය රංගනයේ යෙදෙන මෙහි දිනෙත් ද සිල්වා, උමා අසේනි, සුලෝචනා වීරසිංහ, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රියන්ත සෙනෙවිරත්න, නෙතලී නානායක්කාර, ප්‍රියන්ත ලලිත්, ටීනා ශනෙල්, රොබෙකා දිල්රුක්ෂි ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා දායකව ඇත.
වරුණ අරඹගේ නිෂ්පාදනයක් වන "වයිෆ්" කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් සිතුම් සමරජීව, අංග රචනයෙන් බුවණෙක රණවක, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි, සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රාල් සෝමපාල, ගීත ගායනයෙන් චිත්‍රාල් සෝමපාල සමගින් රෝහිත ජයලත්ද, නිෂ්පාදන කළමනාකරණයෙන් හැරල්ඩ් කරුණාරත්න, වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න විජේසිංහ හා නිශ්චල ඡායාරූපකරණයෙන් අමල් රෝස් "වයිෆ්" සමගින් එක්වී සිටී.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom