lan englan tam

පුවත්

කොළඹ ආවේ 'ඩාන්සර්' කෙනෙක් විදිහට; 'ටර්නින් පොයින්ට්' එක දිලුම් අමුණුගම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"කොළඹට මම එන්නේ 'ඩාන්සර්' කෙනෙක් විදිහට. මම සුදු කෙල්ලෙක් නෙවෙයි, කළු කෙල්ලෙක්. 2019 මට දේශපාලනයේ සුන්දර මනුස්සයෙක් මුණගැහෙනවා. දිලුම් අමුණුගම තමයි මගේ ජීවිතේ 'ටර්නින් පොයින්ට්' එක. මම හිඝ් cලස්ස් මිනිස්සු ගණන් ගන්නේ නැහැ. හැබැයි මට ඕන තැනදී මම එයාලව පාවිච්චි කරනවා."

මෙසේ පවසන්නේ වර්තමානයේ ප්‍රේක්ෂක ජනාදරය දිනාගත් ටෙලිනාට්‍යයක් වන 'සිටුවර පුවත' නිර්මාණයේ රංගනයෙන් දායක වන වන රංගන ශිල්පිනී දිවාරා ගනේගොඩය.
කලාකාරිනියක, නර්තන - රංගන ශිල්පිනියක, නිරූපිකාවක මෙන්ම දේශපාලනයටද සම්බන්ධකම් දක්වන ඇය 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාවේ යූටියුබ් සංවාදයට පූරක දිනිත ජයරත්න සමග කතාබහට එක් වෙමින් ඉහත අදහස් ප්‍රකාශ කළාය.
හිටපු රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමගේ පෞද්ගලික සහාකාර වූ දිවාරා එසේ වුවත් තමන්ට නිල නිවාසයක් හෝ වාහනයක්වත් තමන්ට හිමි නොවූ බව පැවසුවාය.
"මේ ඔක්කොමල එළියට ඇදලා දැම්මට මේ මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙනවා. බල්ලො එක්ක නිදාගත්තම මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා. 'යූත්' එක දේශපාලනයට එන්න ඕන. කළු ඇඳගෙන සුදු ඇවිදින් කිව්වොත් මම හරි. 225ට බැනලා වැඩක් නැහැ. මෙයාලට ඡන්දය දෙන අයට ගහන්න ඕන." යනුවෙන් ඇය පවසන්නීය.
"හාමුදුරුවරු පන්සල්වල බණ කියාගෙන ඉන්න ඕන, පාර්ලිමේන්තු ඇවිත් බහුබූත නටන්නේ නැතුව. මේ ආත්මයෙන් මාව අයින් කරලා දාන්න - මට අය ඉපදෙන්න ඕන නැහැ. දෙවියෝ මට ඉගැන්නුවේ එක දෙයයි. ඔයා තනියම මේ ගමන යන්න ඕන කියලා." යැයි පවසන දිවාරා වත්මන් ආණ්ඩු පක්ෂය ගැනද සිය අදහස ප්‍රකාශ කර සිටියාය.
"මම දැනගෙන හිටියා අනුර කුමාර ජනාධිපති වෙනවා කියලා. මෙච්චර බලයක් දීලත් මේක කරගන්න බැරි වුණොත් ආයේ ජීවිතේට ජේවීපී තියා එන්පීපීවත් එන්නේ නැහැ. ඒ නිසා මේක අල්ලගෙන ඉන්න. මේක හරියට කරගෙන ගියොත් තව අවුරුදු 10කින්වත් අනුර කුමාරගෙන් ආණ්ඩුව ගලවනවා බොරු. 60 පැනපු හොට බිම ඇනුණ අයත් එක්ක මම දේශපාලනය කරන්නේ නැහැ."
දිවාරාගේ සම්පූර්ණ සංවාදය පහතින් නරඹන්න.

Back to top
Go to bottom