lan englan tam

පුවත්

හය සැරයක් දූෂණය වූ අයෙකු හත්වැනි වරටත් මට දූෂණය කරන්න බැහැ!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ගාන්ධර්ව ආචාර්ය ප්‍රේමසිරි කේමදාස යනු ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට පහළ වූ වටිනා පෞරුෂයකි. ඔහු වැන්නෙකු රටට අහිමි වීම පිළිබඳව අද වුව තැවෙන ජනතාවක් මෙරට සිටී. ඒ අනුව ඔහු මෙහි පහළ වූ යුග පුරුෂයෙකි. එවන් වූ තම පියා පිළිබඳවද සිය ජීවිතය පිළිබඳවද කතා කරමින් ඔහුගේ දියනිය ගයාත්‍රි කේමදාස මෙවර 'මිරර් ආට්ස්' සංවාදයට එක් වන්නීය.

පියකුගේ වටිනාකම ජීවිතයට කෙතරම් වැදගත් කාරණයක්ද යත් එකී කාරණය මෙම කථානායිකාවටද එවන් හිඩැසක් ඇති කරන අත්දැකීමක් වීම නොඅනුමානය. ගයාත්‍රී මේ වන විට ජාත්‍යන්තර තලයේ කටයුතු කරන සංගීතවේදිනියක වේ.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ මෙවර ජන්ම දින සැමරුම් උළෙල වෙනුවෙන්ද ගයාත්‍රී විසින් සුවිශේෂී කටයුතු ගණනාවක් සිදු කරනු ලැබේ.
"'ඊගෝ' කියන එක සුණු විසුණු කරන්න පුළුවන් හරිම තැනට තාත්තා අපිව යැව්වේ. තාත්තා ආපු ගමනේ මුල ගැන හංගපු නැති කෙනෙක්. අපි කාගේ හරි කිසිම කෙනෙක් නෙවෙයි. තාත්තා සනීප වුණොත් මම ලංකාවට එනවා කිව්වා. අපේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ කරපු තාත්තාට ඒක ඉෂ්ඨ කරන්න බැරි වුණා. ඒක අදටත් නිමාවක් නොමැති අභියෝගයක්."
ගයාත්‍රී සංවාදයේදී පවසනීය.
"අපි තෝරාගන්න ඕන වෙනසක් කරන්න පුළුවන් තැනක්. ඔපෙරා 10ක් කරලා සංධ්වනි 100ක් ලියලා තියෙන එකද වටින්නේ, මම ලංකාවට ඇවිල්ල වෙනසක් කරන එකද වටින්නේ? සංගීතය උගන්වන තැන්වල අවුරුදු ගාණක් සංගීතය ඉගැන්නුවට එළියට එන කෙනෙක් නැහැ.
සමාජය තුළින් හය වතාවක් දූෂණය වන ගැහැනියව නැවත දූෂණය කරපු හත්වැනියා වෙන්න මට ඕන නැහැ. අපිට නොපෙනෙන දම්වැල් අපි හැමෝගෙම තියෙනවා. ගයාත්‍රීගේ වටිනාකම තේරෙන්න මිනිස්සුන්ට තව අවුරුදු 100ක්වත් යයි."
යනුවෙන්ද ඇය පවසන්නීය.
ගයාත්‍රී මනෝහාරි හේවාවසම් සම්මුඛ වන සම්පූර්ණ සංවාදය 'මිරර් ආට්ස්' යූටියුබ් නාලිකාව ඔස්සේ එළඹෙන අද නැරඹිය හැකිය.

Back to top
Go to bottom