චිත්‍රපට ක්ෂේත්‍රය සඳහා කළ සේවය අගයා ප්‍රවීණ රංගවේදීන් වන ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරානි, රංගන ශිල්පී හා ගායන ශිල්පියකු වන ප්‍රියංකර පෙරේරා යනාදීහු පසුගිය සතියේ (21) ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53කුත් සිංහල කථානාද සිනමාවට වසර 78කුත් සපිරීමේ උත්සවයේදී සම්මානයට පාත්‍ර වූහ.
එහිදී නාමල් ප්‍රසන්ත විසින් රචිත 'වාර්තා චිත්‍රපට වංශය' සහ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සම්පාදනය කරන ලද චිත්‍රපට සඟරාව 2025 පළමු කලාපය එළිදැක්වීම සිදු කෙරිණි.
ජනරජයක් වූ ශ්‍රී ලංකාව තුළ එවකට චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පුෂ්පෝපහාර දැක්වීම සහ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකු අගයා සම්මානයට පාත්‍ර කිරීමද සැමරුම් උත්සවයේදී සිදු කෙරිණි.
ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා විසිනි.