lan englan tam

පුවත්

25 වන IIFA සම්මාන උළෙලේදී "Laapataa Ladies"ට සම්මාන 10 ක්!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

25 වන ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන උළෙල හෙවත් IIFA , 2025 මාර්තු 9 වැනිදා ද ඉන්දියාවේ ජායිපූර් හි, ජායිපූර් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

මෙය සම්මාන උළෙලේ රිදී ජුබිලි වසර වූ අතර, එම අවස්ථාව සැමරීම සඳහා, IIFA සම්මාන කුසලාන රිදී පැහැයෙන් සාදා තිබුණා.

 

IIFA 2025 Winner List
 
 
සම්මාන සඳහා නිර්දේශ 9 ක් සමඟ “Laapataa Ladies” (ලාපටා ලේඩීස්) උත්සවයේ පෙරමුණ ගත් අතර, “Bhool Bhulaiyaa 3” චිත්‍රපටය නිර්දේශ 07 ක් ද, “Stree 2 -Sarkate Ka Aatank” චිත්‍රපටය නිර්දේශ 06 ක් ද, “Article 370” චිත්‍රපටය නිර්දේශ 5 ක් සහ “Kill” චිත්‍රපටය නිර්දේශ හතරක් ද ලබා ගෙන සම්මාන උළෙලට පිවිසුනේය.
 
උත්සවයේ ජයග්‍රාහී සම්මාන නිවේදනය කරන විට සම්මාන උළෙලේ වැඩිම සම්මාන ලැබූ ච්ත්‍රපටය වූයේ Laapataa Ladies (ලාපටා ලේඩීස් ) චිත්‍රපටයයි. 
 
laapataaladies iifa001
 
එය, හොඳම චිත්‍රපටය, 
       හොඳම අධ්‍යක්ෂක (කිරන් රාඕ සඳහා), 
       හොඳම නිළිය (නිතන්ෂි ගෝයෙල් සඳහා),
       හොඳම සහය නළුවා (රවි කිෂාන් සඳහා),
ඇතුළුව සම්මාන 10 ක් දිනා ගැනීමට සමත් විය.
 
IIFA Awards
 
සම්මාන උළෙලේ සම්මාන බෙදී ගිය ආකාරය පහත දැක්වේ.
• හොඳම ච්ත්‍රපටය -      Laapataa Ladies
• හොඳම අධ්‍යක්ෂක -   Kiran Rao -   Laapataa Ladies චිත්‍රපටය 
• හොඳම නළුවා -          Kartik Aaryan – (Bhool Bhulaiyaa 3 චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්)
• හොඳම නිළිය  -          Nitanshi Goel -   (Laapataa Ladies චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්)
• හොඳම සහය නළුවා - Ravi Kishan – (Laapataa Ladies චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්)
• හොඳම සහය නිළිය -  Janki Bodiwala –(Shaitaan චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්)
• හොඳම සංගීත අධ්‍යක්ෂක -Ram Sampath – Laapataa Ladies
• හොඳම ගීත රචක - Prashant Pandey –  Laapataa Ladies චිත්‍රපටයේ ‘Sajni’ ගීතයට
• හොඳම කැමරාකරණය - Rafey Mehmood – Kill චිත්‍රපටය සඳහා 
• හොඳම තිරරචනය - Sneha Desai - Laapataa Ladies චිත්‍රපටය
 
• හොඳම  සංස්කරණය - Jabeen Merchant - Laapataa Ladies චිත්‍රපටය සඳහා
 
67cfefcac8658d001dfc2b85
 
මූලාශ්‍රය -අන්තර්ජාලය ඇසුරිනි.
Back to top
Go to bottom