මේ දින වල ලංකාවේ නිර්මාණය වූ AI චිත්‍රපටයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතාබහට ලක්ව තිබෙනවා.
Signal 42” යනුවෙන් නම් කර ඇති එම නිර්මාණයේ අයිතිකරු වන්නේ ලක්ශාන් පෙරේරා ය. එම නිර්මාණය පිළිබඳව ඔහු සමග කල කතාබහකි මේ.

Signal 42” කියන්නෙ මොනවගේ film එකක්ද?
මේක විද්‍යා ප්‍රබන්දයක්. Elon Mask ගෙ space x කියන ආයතනය විසින් 2008 දී හදපු falcon 1 කියන රොකට් එක අබ්‍යාවකාශයේදී පිපිරීමකට පත් වෙනවා.ඒ ප්‍රස්තූතය මූලික කරගෙන තමයි මම මෙ film එක නිර්මාණය කලේ.
Al පිළිබදව අද්‍යාපනය ලබාගත්තෙ කොහොමද?
2022 කෙටි චිත්‍රපට උළෙලකදි මම ඉදිරිපත් කරපු මගේ ම චිත්‍රපටයක් ජයග්‍රහණය කලා.ඉන්පසුව මට ලංකාවෙන් පිට වෙනත් රටක Academy එකක් සමග සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා.ඒ නැඹුරුවත් සමග මම හිතුවා මේක තවත් Try කරන්න.
ලක්ශාන් ඉදිරියට මේ වගේ AI වලින් තවත් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවද?
අනිවාර්යෙන්. දැනටම මම මගේම Project එකක් පටන් අරන් ඉන්නේ ලංකාවේ Mythology (මිථ්‍යා කථා) සම්බන්ධව සහ විශේෂයෙන් විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධව. විශේෂයෙන් කියන්න ඕනේ “මහා හෙළයා” නම් වූ ඓතිහාසික වටිනාකමකින් යුතු ගීතයක් සඳහා වීඩියෝ එකක් සම්පූර්ණ AI තාක්ෂණය නිර්මාණය කරගෙන යනවා. ඒක මට ලබුණ ලොකු අවස්ථාවක්. එහි ගායනය විශාරද සමන්ත පෙරේරා මහත්මයා විසිම් සහ මහ හෙළයා ගීතය පද රචනය අනුෂ්ක හෙට්ටිආරච්චි විසිනුත් තමා සිදු කරන්නෙ. එවගේ ලංකාවෙන් පිටත වෙනත් රටක නිර්මාණයකටත් මගෙන් AI භාවිතයෙන් සහභාගිත්වයක් තියනවා.
AI සමග වැඩ කරද්දි ලක්ශාන් මුහුණ දුන්න ගැටලු ගැන කිව්වොත්?
AI සමග වැඩ කරද්දි මට ආව ලොකුම ගැටලුව තමා emotions create කරන එක.ඒක තමා තිබුන ලොකුම ගැටලුව.
AI වලින් වැඩ කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ට AI ගැන ඉගෙන ගන්නවානම් ඒ ගැන ඔයාට තියන දැනුම එක්ක මොකද කියන්න තියෙන්නෙ?
AI ඉගෙන ගන්න ආසාවක් තියනවා නම් අන්තර්ජාලෙ ඕනෑ තරම් පහසුකම් තියනවා ඉගෙන ගන්න ඒ වගේම එතනින් එහාට AI එක්ක වැඩ කරන්න AI සම්බන්ධ මෘදුකාංග ගැන දැනුමක් , website පිළිබද දැනුමක් අවශ්‍ය වෙනවා. AI පිළිබදව Self studies මගින් ඉගෙන ගන්න පුලුවන්.
මූලාශ්‍රය -CINEMA.LK වෙබ් අඩවිය ඇසුරෙනි.