lan englan tam

පුවත්

“මම අවංක අදහසක් කියන්නේ,ඇත්තටම මට අවධානය ඕන උන නිසා තමයි නිළියක් උනේ.”

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ තරුණ,දක්ශ රංගන ශිල්පිනියක්.

ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රසංග කලාව පිළිබඳ උපාධිධාරිනියක් ද වනවා. 

 

ඇය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වෙන්න පටන් ගත්තේ ‘There is a body’ කියන web series එකත් එක්කයි.ඉන් පසුව ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වුන ‘Take Care’ ටෙලිනාට්‍යයේ ‘අසේනිගේ’ චරිතය හරහා ඇය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගන්න සමත් වුණා. මේ දින වල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන ‘සසංකාරා ටෙලි නාට්‍ය හරහාත් ඇගේ රංගනය දැක ගන්න පුළුවන්. 
 
පසුගිය දවසක ඇය Hari TV You Tube නාළිකාවත් සමඟ පැවති සම්මුඛ සාකච්චාවකට එක් වෙමින් රංගන ජීවිතයේ මේ දක්වා ආපු ගමන ගැන ත්, එහිදී ඇයට මුහුණ දෙන්න සිදුවුණ බාධක පිළිබඳවත් සඳහන් කළා.
 
පහතින් දක්වලා තියෙන්නේ ඇය සහභාගී වූ එම සම්මුඛ සාකච්ඡාවයි. Mirror Arts අපි ඇගේ ඉදිරි රංගන ජීවිතයට සුභ පතන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.ඉතින් රෙබෙකා ජය වේවා.
 

Back to top
Go to bottom