lan englan tam

පුවත්

සෝමෙගෙයි රේණුගෙයි මොකක්ද මේ අමුතු වැඩේ?

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ආචාර්ය සෝමරත්න දිසානායක ගේ අලුත්ම සිනමා නිර්මාණය තමයි ‘කපුටු කොහෝ’ කියන්නේ.

 
ඇත්තට මේක ටිකක් වෙනස් විදිහක වැඩක්. සිනමාව සහ වේදිකාව සම්මිශ්‍රණය කර කෙරෙන නිර්මාණයක්.හරියටම කියනවනම් මේ හරහා සිනමාශාලාවක සැප පහසු පුටුවක වාඩි වෙලා පුළුල් තිරය මත හොඳ වේදිකා නාට්‍යක් බලන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වෙනවා.‘කපුටු කොහෝ’ චිත්‍රපටයේ අනිත් විශේෂම සාධකය තමයි චිත්‍රපටයේ සංගීතය හා ගීත.සියළුම ගීත නිර්මාණය කරළා තියෙන්නේ ජන සංගීත නාද රටා පාදක කර ගෙන. ජන සංගීත නාද රටා ආශ්‍රිතව  නිර්මාණය වන ගීත 27 ක් මෙහි තියනවා.දේශීය නර්ථන රටා අනුව නිර්මාණය වන නැටුම් ද මෙහි අන්තර්ගත වෙනවා.
 
64c7733c 8065 4a96 bc88 20d0e8e8469a
 
 
සිංහබාහු චිත්‍රපටයෙන් සිනමාවට එන අළුත්ම සිනමා තාරකාව අබිලාශී, රැජිනට ඇදපු අමන්ද්‍යා, ඉරෙන් හදෙන් ආපු හර්ෂණ, පුංචි ගායන තාරකාවී සිහේලි, පුංචි නර්ථන තාරකාව රදීන් ඇතුළු හදුන්වා දෙන තවත් දක්ශ පිරිසක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙනවා.වැඩිහිටි, ළමා හැමෝටම එක විදිහට රසවිදින්න පුළුවන් මේ චිත්‍රපටය, ලගදීම තිර ගත වීමට නියමිතයි.
 
 

 
Back to top
Go to bottom