lan englan tam

පුවත්

ආයෙත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ ‘වැලිකතර’!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

1971 වර්ෂයේ තිරගත වූ , ඩී.බී නිහාල්සිංහයන්ගේ ‘වැලිකතර’ සිනමා නිර්මාණය ගැන මේ දවස්වල ආයෙත් සමාජ මාධ්‍යයේ කතා බහක් නිර්මාණය වෙලා තියනවා.

විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා ආයෙත් බොහෝ පිරිසක් මේ චිත්‍රපටය නරඹලා තියනවා කියලා දැනගන්න ලැබුණා. ඒ වගේම AI හරහා මේ චිත්‍රපටයේ කොටස් නැවත ප්‍රතිනිර්මාණය කරන්නත් සමහරු උත්සාහ කරලා තිබුණා.

a13ee81f fa5d 4186 b62c f483f99d32e1

මේ වැලිකතර සිනමා නිර්මාණය ගැන විස්තර ටිකක්..
ලංකාවෙ පළවෙනි සිනමාස්කෝප් (අතිවිශාල පුළුල්තිර) චිත්‍රපටිය වෙන්නෙ වැලිකතර. මේකෙ තිර රචනය වෙන්නෙ තිස්ස අබේසේකර අතින්. මේකෙ විශේෂත්වෙ වෙන්නෙ වැලිකතර අධ්‍යෂණය,කැමරාකරණය වගේම සංස්කරණය සිදුකරලා තියෙන්නෙත් ඩී.බී නිහාල්සිංහයන්.
වැලිකතර කියන්නෙ කැමරා ශිල්පියෙක් හා සංස්කරණ ශිල්පියෙක් විදියට වැඩ කරමින් සිටි නිහාල්සිංහ අතින් සෑදෙන පළවෙනි චිත්‍රපටය. පසුව ඩී.බී නිහාල්සිංහ අතින් “රිදී නිම්නය”, “මල්දෙනියේ සිමියොන්”, “කෙලිමඩල” වගේ සම්මානනීය ෆිල්ම් කීපයක්ම හැදෙනව.
ඒ වගේම දෙබස් රචකයෙක් විදියට කටයුතු කල තිස්ස අබේසේකරයන්ගෙ පළවෙනි තිර රචනය වැලිකතර වීමත් විශේෂයක්.
වැලිකතර සංගීතය සෝමදාස ඇල්විටිගල අතින් තමා සිද්ධ වෙන්නෙ. මෙහි එන මහගම සේකර පද රචනා කළ "ගිණි ගත් මරු කතරේ" සින්දුව අමරදේව ශූරීන් විසින් ගායනා කලා.
 
මේ චිත්‍රපටිය නිශ්පාදනය වෙන්නෙ ස්වර්ණමාලී ගුණතුංග සහ නිහාල්සිංහ එකතුවක් විදියට.
පළවෙනි සිනමා ස්කෝප් ෆිල්ම් වීම නිසා පෙන්නන්න ගියාම යම් යම් තාක්ෂණික ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්දවුණත් 1971 ඔක්තෝම්බර් 27 වෙනිද ෆිල්ම් එක තිරගත වීම ආරම්භ වෙනව.මේක ලංකාව තුළ බොක්ස් ඔෆිස් තිබ්බ ෆිල්ම් එකක්.
වැලිකතර 1999 දි ජනාධිපති සම්මාන දිනා ගන්නව වගේම 1997 දී වසර පනහක් තුළදී නිෂ්පාදනය උන හොදම චිතපට 10 ඇතුලට වැලිකතරත් එකතු වෙනව.
 
fcfccf2d 3115 493e b970 649971191231
 
 
මෙහි රංගනයෙන් ගාමිණී ෆොන්සේකා -( වික්‍රම නැතහොත් විකී නම් වන සහකාර පොලිස් අධ්‍යක්ෂක වරයා ලෙසත්),ජෝ අබේවික්‍රම -(ගෝරිං මුදලාලි)ගේ චරිතයත්, සුවිනීතා වීරසිංහ (ගීතා රන්දෙණිය) ලෙසත් ප්‍රධන චරිත වලට පණ පොවනවා.
අමතරව කිත්සිරි පෙරේරා,දයානන්ද ජයවර්ධන , ජී ආර් පෙරේරා, චන්ද්‍රා කළුආරච්චි,නවනන්දන විජේසිංහ,පියසේන අහංගම,කරු නානායක්කාර,ජී ඩබ්ලිව් සුරේන්ද්‍ර,එල්සන් දිවිතුරුගම,පී බී මායාලව,බුද්ධි වික්‍රම,ටියුඩ කරුණාතිලක යන අයද රංගනයෙන් දායක වනු ලබනව.දේවිකා කරුණාරත්න, පියසේන අහංගම, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, චන්ද්‍රා කලුආරච්චි, එල්සන් දිවිතුරුගම, බුද්ධි වික්‍රම, මාක් ඇන්ටනී ප්‍රනාන්දු සෙසු චරිත නිරූපණය කල අතර සංගීතය සෝමදාස ඇල්විටිගල ගෙනි. ගීතය ගායනය කලේ පණ්ඩිත් අමරදේවයන් විසිනි.
d7b9bd43 2ea4 491b 870a 6377e9420ce3
 
පහත දැක්වෙන්නේ චිත්‍රපටයේ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ දෙබස් කිහිපයකි.
 
"ආසියත් මගේ ලග, බූරුවත් මගේ ලග, නමේ කොලෙත් මගේ ලග, තුරුම්පු හතරයි,
....හාමුදුරුවනේ ..අත වහල ගහමුද" – (ගෝරිං මුදලාලි)
 
"රජ දැක්මට අවසරද "
"අවසරයි" 
 

 
 
මූලාශය - අන්තර්ජාලය ඇසුරිනි.
Back to top
Go to bottom