පසුගිය දවසක MirrorArtsයූ ටියුබ් නාලිකාවේ ඩිල්ෂාන් පතිරත්න ගෙන් ප්රේමය යනු ඔබට අනුව කුමක්දැයි එහි වැඩ සටහනේදී අසනු ලැබූ ප‍්‍රශ්නයට ඩිල්ෂාන් උත්තර දීලා තිබුනේ ඉන්දියාණු මූලාශ‍්‍රයක අදහසක් දක්වමිනි.
ප්රේමය ට ලස්සන විග‍්‍රහයක් දීලා තිබුනා රාවණා ව ආදේශ කරලා. ඒකෙ තිබුනා රාවණාගෙ මූණු දහයට නම් දහයක්. moods දහයක්. කාම, ක්‍රෝධ, මෝහ, මද, මාන, බුද්ධිය,චිත්ත, මානස, මාත්සර්්‍යය ,අහංකාරය කියන ඔය දහය .ඔය දහය ඇතළෙ ලව් කියලා මූඩ් එකක් නැහැ.ෆියර් කියලා මූඩ් එකකුත් නැහැ.ඒ රචකයා ඒක විශ්ලේෂණය කරලා තියෙනවා හරි ලස්සනට. ආදරය කියන්නේ මේ මූඩ් දහයට.කාම, ක්‍රෝධ, මෝහ, මද, මාන, බුද්ධිය,චිත්ත, මානස, මාත්සර්්‍යය අහංකාරය ඔය දහයෙන් එක එක මූඩ්ස් එක එක වෙලාවට එළියට එනවා.

උපුටා ගැනීමමායාවී තුළින් දුෂේනි මියුරංගි ඉවත් කිරිම වීම පිලිබඳ සැබැ සිදුවිමමෙි වන විට ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙින මායාවී ටෙලි නාට්‍ය තුළ ප්‍රධාන රංග ශිල්පිණිය ලෙස කටයුතු කළ දුෂේනි මියුරංගි දිගින් දිගටම ඇයගේ පෞද්ගලික ප්‍රශ්න මත රූපගත කිරීම් සඳහා නිසි පරිදි සහභාගි නොවීම හා මග හැරිම නිසා නිර්මාණයට සිදු වූ හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරිමට සිදුවිය. එය ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත් වීමකි. අදින් ඇරඹෙන සතියේ විකාශය වන කොටස් දැකීමෙන් එය ඔබට මනාව අවබෝධ වනු ඇත.ඇය වෙනුවෙන් අපි අවසාන තත්පරය තෙක්ම රූපගත කිරීම් නතර කොට බලා උන්නෙමු. නමුදු ඇය නිර්දය ලෙස මගහැර සිටියා ය.ඊට පෙරාතුව ද අප ඇගේ ඇතැම් නොකටයුතු දරා ගත්තේ මහත් වූ ආයාසයෙනි.ඒ සිදුවීම් වලින් එක් දෙයක් සරල වශයෙන් දක්වන්නේ නම් ඇය රූගත කිරීම් සඳහා වැන් රථයට ගොඩ වූ තැන සිට රූගත කිරීම් අවසන් වන තෙක් ඇගේ පෙමිවතා විසින් විඩියෝ ඇමතුම් වල රැඳී සිටිමින් රූගත කරන දර්ශන දෙස බලා සිට ඇය සංකල්පගේ අතින් ඇල්ලුවොත් වැලඳ ගැනීමක් සිදු වුවහොත් අදාළ පුද්ගලයා විසින් දුෂේනිට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස බනිමින් රණ්ඩු විම දිගින් දිගට සිදු විය.එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් ඇය එක්වරම දර්ශන තලයෙන් පිටව ගිය බව නළු නිලයන්ට සේම තාක්ෂණ ශිල්පීන්ට ද රහසක් නොවේ. ඒ ඇයට තව දුරටත් වැඩ කිරීමට මානසිකත්වත්යක් නොමැති බව පවසමින්ය.එසේ ගිය අවස්ථා කිහිපයකදී ම ඇය නැවත රූගත කිරීම් සඳහා පැමිණියේ සති දෙක තුනකට පසුව ය.ඇතැම් අවස්ථා වල නාලිකාවට ඇචසිදාැ ලබා දීමට නොහැකි වීම මත ඇයගේ කුරුණෑගල නිවසට ද ගොස් බැගෑපත් වී අපගේ වාහන වලින් ඇය රැගෙන ආ අවස්ථා බොහෝ ය.ඒ කිසිවක් සිදු වූයේ අපගේවත්, අනෙකුත් ශිල්පීන්ගේවත් වරදින් නොව ඇගේ පෞද්ගලීක ප්‍රශ්න මතය.තවත් බොහෝ දේ ලිවීමට තිබුන ද මා එය සටහන් නොකරන්නේ ඇය රංගන ශිල්පිණීයක් කිරීම සඳහා මුලික අඩිතාලම දැමු අධ්‍යක්ෂවරයා වශයෙන් ඇයව අපහසුතාවයට පත් කිරීමට පෞද්ගලිකව කිසිදු අවශ්‍යතාවයක් මට නොමැති බැවින් හා අප වැදගත් ලෙස මේ කේෂ්ත්‍රය තුළ රැඳී සිටින බැවින් ය.එහෙත් ඇය FBතුළ දැමු අසනීපය මත දින දෙකක් ඉල්ලු බව කියන කතාන්දරය ඇසුරේ මේ සටහන නොතබා සිටින්නට නොහැකි විය. ඈ ඒ සඳහන් කරන දින උදෑසන දුරකථන ඇමතුමක් හරහා සිදු වූ ගැටුමක් මත ඇය උදෑසන 8.00 ට පැමිණ 12.45 ට පමණ පිටව ගියේ ගෙදරට ටිකක් ගිහින් එන්නම් බව කියා ය. ඒ නික්ම යාමට අද උදෑසන වන තෙක් ඇයව සම්‍බන්ධ කර ගැනීමට අපට නොහැකි විය. අවසන කිසිවක් කරන්නට නොහැකි තැන සහය අධ්‍යක්ෂක FB පණිවිඩයක පළ කළේ තවදුරටත් රූපගත කිරීම් කිරීමට නොහැකි වුවහොත් නාට්‍ය පෙන්වීමට නොහැකි වටාපිටාවක ය.ඊට පෙර දුෂේනි අවස්ථා 31 ක දී ද අප අපහසුතාවයට පත් කල බව ඇයට අමතකව තිබීම කණගාටුවට කරුණකි.හිතවත් දුෂේනීට කියන්නට ඇත්තේ ඔබේ හදවතට තටිටු කර සත්‍ය වශයෙන්ම පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සිදුවීම් සිදු වූයේ අපේ වැරදි මතද නැත්නම් ඔබෙි පෞද්ගලික ප්‍රශ්න මතද කියා අසා දැන ගන්නා ලෙසයි.මායාවී නාට්‍යට ඔබ යෝජනා වන අවස්ථාවේ මගේ හිතවත් අධ්‍යක්ෂවරුන්,නිෂ්පාදන කළමණාකරුවන් මට දිගින් දිගටම කතා කොට දුෂේනි ගන්නට නම් එපා කියා අවවාද කළේ ඇයත්, ඇගේ පෙම්‍වතාත් නිර්මාණ වලට දෙන වදය පහදා දෙමිනි.එවැනි වටාපිටාවකත් මා දුෂේනිව සම්‍බන්ධ කර ගත්තේ ඇගේ පළමූ අධ්‍යක්ෂ වන මටවත්, මගේ නිර්මාණයටවත්, මහේෂ් රත්සර මහතාටවත් ඇය අසාධාරණයක් නොකරා වීය යන විශ්වාසයෙනි.එත් ඒ විශ්වාසය ?? ඔබ බිඳ දැමුවේ කෙසේද කියා තවමත් මට සිතා ගැනිමට නොහැකිය.ආදරණිය ප්‍රේක්ෂක ඔබට හිතෛෂී වෙනස් වීමෙන් යම් අසාධාරණයක් සිදු වූවා නම් මා හා මහේෂ් රත්සර මහතා, රංග ශිල්පීන් හා සියලු ශිල්පිනියන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.සිදු වූ අතැම් කිව නොහැකි සිදුවීම් තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසයි ඇය ඉවත් කිරීමට සිදු වූයේ.සැබැවින්ම එය ඉවත් කිරීමකට වඩා නාට්‍ය පවත්වාගෙන යාමට අපට ගත හැකිව තිබු අවසන් විසඳුමයි.ඒ තීරණය නොවන්නට මේ සතියේ සිටම මායාවී විකාශය වීම නතර වීමට ඉඩ තිබුණි. එමෙන්ම ඇයගේ අක්‍රමවත් වැඩ පිළිවෙළ නිසා අනෙකුත් රංගන ශිල්පින්ට සිදු වූ අපහසුතා කොතෙක්ද ?ඔබ දර්ශන තලයට එනතෙක් ප්‍රවීණ රංගන ශිල්පීන් බලා සිටි වාර ගණන කොතරමිද ?එමෙන් ම ඔබේ චර්යාව නිසා රංගන ශිල්පීන්, ශිල්පිනියන්ට සේම සාමාන්‍ය සේවකයින්ට ද වැටුප් අහිමි වූ දින ගණන දන්නවා ද ?මෙම මායාවී කතාව ගොඩ නැඟු මහේෂ් රත්සර මද්දුමආරචිචි මහතාටඔබ නිසා පිටපත 13න් වතාවක් සංශේධනය කිරිමට සිදු වූ අතර ඔබ එනතෙක් අතුරු පිටපතක් ද රචනා කිරීමට ද ඔහුට සිදු විය. ඒ සඳහා සමස්ථ නාට්‍ය කණ්ඩායම සේම අදාළ අනෙකුත් පාර්ශවයන් ද සාක්ෂි දරනු ඇත. එමෙන්ම දුශේනිගේ අසත්‍ය පුවතින් කම්පා වූ මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අවසන් කාලය තුළ ඇය වැඩ කල අනෙකුත් නිර්මාණයන් හි ශිල්පීන්ගෙන් ඇගේ හැසිරීම පිළිබඳ සොයා බලන ලෙසයි. ඒවිට ඔබට සත්‍ය සිදුවීම් තේරුම් ගැනීමට හැකි වනු ඇති බවට මම විශ්වාස කරමි.සඳුන් රාජකරැණාමායාවී - අධ්යක්ෂඅධ්යක්ෂවරයාගේ අදහස් පිළිබඳ උපුටාගැනීම අවසන් .

දුෂේනිගේ සටහන උපුටා දැක්වීම -සුබ දවසක් වේවා මා හිතාදර රසික රසිකාවනි,මා අද දින වන විට ඉන්න තැන, මේ රසිකත්වය, මේ ආදරය මා හට ලැබුනේ සියලුම දේ ලැබුනේ මාගේ ප්‍රේක්ෂකයා වන ඔයාලා නිසා කියා මා සිතනවා, ඒ වගේම ඒ ආදරය හැමදාම ඔයාලා මට දෙන බව මට විශ්වාසයී.....මා මෙම පොස්ට් එක දාන්නේ.... ඔබ සියලුම දෙනා දැනුවත් කීරීම පමනක් වන අතර... කිසිදු කෙනෙක් හට අපහසයක් හෝ අපහසු තාවයකට පත් කිරීමට නොව... මා ගැන දැමු පොස්ට් එකක් නිසා මට ඇතිවූ අපහසු තාවයක් සහා මාගේ දෙමාපියන් ඒ නිසා වූ අපහසුතාවය නිසාම පමණකි....2025,03,07 වන දින'මායාවී' ටෙලිනාට්යේ වැඩ කිරිමට යෙදි තිබුනේ.... ඊට පසු දිනයන් හී මා ප්‍රධාන චරිතයෙන් දායක වන මාගේ අළුත් ම ටෙලි නාට්යක රූපගත කිරීම තිබුනු නිසා මා හට එමගින් ඇති වූ මහන්සියට මට අසනීප වී තිබුනි....එසේ තියා 'රාජකාරිය දේව කාරිය' කියා සිතා මා මට යෙදි තිබුන දිනයට පැමිනියේය.... නමුත් එදින මට අපහසු තාවයක් සහා අසනීප තත්වයකට දැනුනු නිසා මා ටෙලි නාට්ය නිශ්පාදක තුමාට එය දැනුවත් කර කියා සිටියේ මා හට අසනීප නිසා මාහට දින දෙකක නිවාඩු කාලයක් දෙන ලෙස ඉල්ලා සිටියේ.....ඒ අනුව මා ඒමට යෙදි තිබුනේ මාර් තු මස 10 වන දිනය..... : මා සිතනවා මා හට ඇති අසනීප තත්වය මා දැනුවත් කර සිටියද මා ඒ අසනීපය කුමක්ද කියා දැනුවත් කිරිම අවශ්‍ය නැති බවය. මොකද එය පෞද්ගලික මතයක් නිසා.....මාර් තු මස 10 වන දින ආපසු ඒමට යද්දි තමා මා දැක්කේ මා ගැන ෆේස්බුක් පිටුවක පළවූ සටහනක් : එයා මා මෙයට දාන්නම්*එය සටහන් වූයේ" දුශේනි මියුරංගි ඉක්මනින් මායාවි නාටය කන්ඩායම අමතන" බව කියාය...එසේ කිරීමෙන් බලාපොරොත්තු වන දේ මාහට තාම සිතා ගන්නට නොහැකිය.... එය මා ආදර මා සමග තිරය බෙදා ගන්නා මාගේ සහෝදර සහෝදරියන්ද දමා ඇති බව දැක මා කලකිරුනි.... දුක සැප බෙදාගත ඔවුන් එසේ කලේ ඇයිද යන්න මා දන්නේ නැති මන්ද ඔහුන් මට එකදු හෝ පණිවිඩයක් මට දුරකතනයට එවා නැත.... මාගේ දුරකථනය එක් දිනයක් ක්‍රියාවිරහිත කර තිබුනද මා නිශ්පදකවරයාට පලමු දිනම මට දින 2 ක විවේකයක් අවශ්‍ය බව දැනුම් දී පසුවයි එය ක්‍රියා විරහිත කරේ....මා එයින් තේරුම් ගත්තේ මෙය හුදෙක් මාහට එල්ල කල අපහාසාත්මක දෙයකි, එතනින් පසුව මා ඔහුන් අමතා මේ තත්වය තේරුම් කල නමුත්... මා හට එයට නිසි පිළිතුරක් හමුවුයේ නැත.... මා සිතනවා රංගන ශිල්පියෙකුටද අසනීපයක් හෝ වීඩාවක් දැනීමට හැකියාවක් ඇත මොකදයත් ඔහුන්ද මිනිසුන් වීම නිසා.... නමුත් මා හට ආරංචී උයේ මා වෙනුවට වෙන අයෙක් මේ වෙනුවෙන් යොදා වැඩ කටයුතු කරනයන බවයී... එය මා හට කිසිදු හිත් රිදීමක් නැත.මා හට ඇත්තේ මා ගත් දින දෙකට ඔහුන් ඒ තරම් දෙයක් කිරීමට අවශ්‍ය උනාද යන්නයී. අසනීපයක් නම් කරුණිකව බැලීම ඔහුන් ගේ මනුශ්‍යකමය...මේ පොස්ට් මගින් ඇති වූ අපහසු තාවය මා සහා මාගේ පවුලේ අය දනී... එමගින් විශාල සමාජ මාධ්‍ය ගණනාවක මා ගැන මඩ පචාර එල්ල උනි. එමගින් ඇති වූ අපහසුතාවය නිසා මා ඔහුනට කියා සිටියේ මාහට දීමට ඇති හිඟ මුදල මා හට දීම සහා මගේ ගැන ඔහුන් පොස්ට් එකක් දාමා උන දේ අනෙක් අයට පැහැදිලි කිරිම කලහොත් මා මෙයට නැවතත් එන බවයී.නමුත් එය කිරීම එයාලා කලේ නැත.මා සිතනවා වැරද්ද කාගේ උනත් කාන්තාවකට අපහස කීරිම පිරිමි කමට තියා මනුෂ්‍යය ගතියටද අවුලකි.මොකද අපි සියලුම දෙනාට අක්කා ,නංගී ,අම්මා කෙනෙක් සිටින නිසාය.කොතරම් දේවල් කිවුවද ඔහුන් කාන්තාවකට කල අපහසය නිවැරදී කිරීම අපොහොසත් වීම දුකකට කරුනකී.ඉන් පසු ඔහුන් වෙන කෙනෙක් යොදා නිර්මානය කරගන යාමට තීරණය කලේය.තවද ඔහුන් කියා සිටියේ මේ චරිතය වෙනුවෙන් මා කල දෙයක් නැති බවත් ඔහුන් විසින් නිර්මානය, චරිතය, ප්‍රෙක්ශක ආදර ඇති කර බවත් ය.මාගේ ආදරණීයම ප්‍රේක්ශකයාට කීමට ඇත්තේ.... මා මෙ නිර්මාණයෙන් ඉවත් උනේද මේ නිර්මාණයට අපහස කලේද නැත.හිතයිශීට ආදරය කල සියලුම දෙනාට ස්තුතිය.🫶🏻දුශේනි සමග ආදරයෙන් බැදීලා ඉන්න සියලුම දෙනාට ස්තුතිය. මා මෙය නිවැරදි කලේ මෙය අඩුම නිවැරදී කිරීමකට ඔහුන් අපෝසත් වීමය. ඔහුන් මා සමග කතා කල සියලුම දුරකතන සංවාද.මා වෙනුවෙන් කතා කල පවුලේ අය කතාකරපු සංවාදද ඇත.මා මෙතනින් පසුව පොස්ට් කිසිදෙයක් දමන්නේ නැත.නමුත් මා හා කතාකීරිමට දෙයක් ඇත්නම් මගේ දුරකතනයට අමතන ලෙස කාරුනීකව ඉල්ලා සිටිමි. මා සිතනවා දුවෙක් නංගි කෙනෙක් කාන්තාවක් හට ඇති වූ අපහසූතාවය නිවැරදී කිරීමට පොස්ට් එකක් හෝ දැමීමට බැරි වූ ඔහුන් මේ පොස්ට් එක දැක කුමක් හෝ දැමීම ලැජ්ජාවට කරුනක් වන බව නිසාය.ඉතින් මා ආදරනීය මාගේ රසික රසිකාවනී.... ඔයාලා මට මහමෙරක්. ඔබ සියලුම දෙනාට මා හට සියලුම චරිත වලට ආදරය කිරීමට පටන් ගත්තේ මා නිසා බව මා දනිමි තවද,මා මින් පෙර වැඩ කල නිර්මාණයට මා දායක උනේ නිර්මාණයේ මැදක සිටය. මා රාජ කාරිය දේව කරීය කියා දනි. එම නිර්මාණය වෙනුවෙන් එම චරිතයට මා පන දුන්නේය. නිර්මාණ වල වගකීම මා හොදින් දන්නා බවට එය හොද නිදසුනකි.ආයෙත් වතාවක් මා කියා සිටින්නේ මා මේ නිර්මාණයෙන් ඉවත් උනේ නැති බවත් ඔහුන් එය සදහා අයෙක් යොදා කරගන යන බවත්ය.තවද මේ සියලුම දෙනාට සුබ පතනවා නිර්මාණය සාර්ථකව කරගෙන යාමට. තවද නිර්මාණයක් සාර්ථක වන්නේ එක් අයෙක් හෝ දෙදෙනෙක් මත වන දෙයක් නොව සියලුම දෙනාගෙන් එකමුතුවෙන් වෙන දෙයක් වන බව මතක් කරමි🙏මා හා සිද මා ගැන සොයා බැලූ සියලුම දෙනාට ස්තුති. ඒ වගේම මාහට ආදරය කරන සියලුම ප්‍රේක්ශකයින්ට අවංකවම ස්තුති වෙමි. ඉදිරියේදිත් මා සමග ඉන්න බව මා හොදින් දනිමී.මීට දුශේනි මියුරංගිඋපුටා ගැනීම් අවසන්.


කෙසේවුවද වෛද්‍යවරිය ට ලිංගික අතවර කළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ. දේශබන්දු සොයා ගැනීමට තවමත් නොහැකිව තිබේ.ගනේමුල්ල සංජීව ට වෙඩි තැබීම ට අදාළ තරුණිය සොයා ගැනීමටත් නොහැකිව තිබේ.පළාත්සභා ජන්දයක් ද නුදුරේම පවතී.මාලිනී ෆොන්සේකා මිය ගියා යැයි Postසමාජ මාධ්‍ය තුළ ප‍්‍රචාරය වෙමින් ද පවතී.සාමජ මාධ්‍ය යනු ජනතාව නිදහසේ සැරිසරණ මාධ්‍ය කලාපයයි. එයට සීමා බන්ධන නැත. එහෙයින් බොහෝ දේවල් වාර් ථා වන්නේ ,අදහස් දක්වන්නේ තරාතිරම් ඇති -සාමාන්‍ය ,අසාමාන්‍ය සමාජයක සාමාජික සාමාජිකාවන්ය. ඔවුන්ට ඇත්තේ පුදුම හදිසියකි.බොහෝ අය සචින් ටොක්සික්යැයි කමෙන්ට්ස් වල ලියා තිබිණි. සචින් පමණක් නොවේ සමස්ථ සමාජයම ටොක්සික්ය. සචින් ට එලෙස පවසන්නෝ තුළද ටොක්සික් සිතුවිළිය.