සංගීත සංදර්ශනයකට සහභාගී වන රසිකයන් වෙනුවෙන් බීර සැපයීම සඳහා උමං නළ පද්ධතියක් එලීමේ පුවතක් ජර්මනියෙන් වාර්තා වෙනවා.
‘Wacken Open Air‘නමැති සංගීත සංදර්ශනය අගෝස්තු මාසයේ ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඒ වෙනුවෙන් තමයි මේ නළ පද්ධතිය එලන්නේ.
බීර නළ පද්ධතිය නිසා සංදර්ශනය වඩාත් පරිසර හිතකාමී අයුරින් පැවතීමට හැකි වනු ඇති බවයි සංවිධායකයෝ පවසන්නේ.
බීර නළයේ විශ්කම්භය අඟල් දාහතරක් වන අතර තත්පර හයක් තුළ බීර වීදුරු හය බැගින් ඒ ඔස්සේ ගලා එන බව සඳහන්
දින තුනක් පුරා පැවැත්වෙන සංගීත සංදර්ශනය සඳහා වසරක් පාසා ලොව පුරා වෙසෙන ‘හාඩ් රොක්’ සංගීත ලෝලීන් හැත්තෑ පන්දහසක් පමණ සහභාගී වන බවටයි වාර්තා වන්නේ.
https://mirrorarts.lk/ar/news/1330-rock-and-beer#sigProIdc1d83f74ac