ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන සහ ඔහුගේ බිරිඳ සශිනිට වෙනස් විදිහේ අත්දැකීමකට මුහුණ දෙන්න හිතිලා තියෙනවා .
ඒ වෙන මුකුත් නෙවෙයි විවාහ වෙලා වසර කිහිපයක් ගත වුනත් නැවතත් මංගල ඇඳුමින් සැරසෙන්න මේ දෙපලට අවස්ථාවක් උදා වෙලා.
මේ අත්දැකීම ගැන ධනංජය මේ විදියට අදහස් දක්වලා තිබුනා.
“මගේ ගම නුවර. ඉතින් ඇත්තටම උඩරට මුල් ඇඳුම අඳින්න සශිනිටත් මටත් ලොකු ආසාවක් තිබුනා. ඒත් යම් යම් හේතු නිසා අපිට මුල් ඇඳුම අඳින්න බැරි වුණා. කවදා හරි මුල් ඇඳුමෙන් සැරසෙන්න අවශ්‍යයි කියන ආසාව හිත යට තිබුණ අවස්ථාවකයි ශානි සමරවීර අපි දෙන්නට කතා කරන්නේ. ශානිගේ ආරාධනාව නිසා අපේ ආසාවත් ඉෂ්ට කරගන්න ලැබුණා. එන අගෝස්තු මාසෙට අපි දෙන්නා මුණ ගැහිලා අවුරුදු 12 ක් . මම හිතන්නේ මේ අවස්ථාව අපේ මුණ ගැසීම තවත් අලුත් කරන්න හේතු වුනා,”
https://mirrorarts.lk/ar/news/1606-2017-07-30-08-48-14#sigProIded5a08872a