ජාත්‍යන්තරය හා සම තැන් ගත් පරිපූර්ණ දේශීය රූපවාහිනී නිර්මාණ කලාවක් ගොඩනැඟීම උදෙසා සුමති සම්මාන කතිකාව පසුගියදා(30) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණි.
කතිකාව පැවැත්වුණේ එළැඹෙන සැප්තැම්බර් 20 වැනි දා පැවැත්වීමට නියමිත 22 වැනි සුමති සම්මාන උළෙලට සමගාමීවය.
අධ්‍යක්ෂකවරුන්, නිර්මාණකරුවන්, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්, සංස්කාරකවරුන් ආදී සෑම කෙනෙක්ගේම කුසලතා වර්ධනය කරගැනීමට මඟ පෙන්වීම, ගැටලු හඳුනාගැනීම, විග්රහ කරගැනීම, යෝජනා ඉදිරිපත් කිරීම, අදහස් ප්‍රකාශ කරමින් යම් මාර්ගෝපදේශයක් ලබාදීම මේ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ විය.
මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ සම්මානනීය කලාකරු ජැක්සන් ඇන්තනී විසින් මෙහි ප්‍රධාන දේශන සිදු කරනු ලැබිය.
කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ සඳහා එක් වී සිටියහ.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/1609-2017-07-31-02-18-08#sigProIdb0dc12cffb