නිවාඩු කාලය ගත කිරීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණ සිටි අතරවාරයේ බොලිවුඩ් නළු අෆ්ටාබ් ෂිව්දාසනී තමන් විවාහ ගිවිස ගෙන සිටි නින් දුසාන්ජ් සමඟ හින්දු චාරිත්‍රානුකූලව විවාහ වී ඇති බව මිරර් ආට් වෙත ආරංචි විය.
ඔවුන් දෙපළ දිගු නිවාඩුවක් සඳහා පැමිණ සිටි අතරවාරයේදී තංගල්ල ප්‍රදේශයේ පිහිටි අනන්තාරා පීස් හෙවන් නම් සුඛෝපභෝගී හෝටලයේ නවාතැන් ගෙන තිබේ.
හෝටලයෙහි පරිසර සුන්දරත්වය වටපිටාව පිලිබඳ සතුටට පත් දේපල සිය විවාහ මංගල්‍ය එම ස්ථානයේ පැවැත්වීමට තීරණය කර ඇත.
දින දෙකක් පුරා පැවැත්වුණු උත්සවයට අෆ්ටාබ් ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පවුලට සමීපතමයින් පමණක් සහභාගී වී තිබුණි.
අෆ්ටාබ් හස්තියකු පිට සහ නින් දෝලාවක නැඟී උඩරට වෙස් නැටුම් කණ්ඩායමක් පෙරදැරි කොටගෙන උත්සව භූමියට ඇතුල් වීම විශේෂත්වයකි.
අෆ්ටාබ් ෂිව්දාසනී සහ නින් දුසාන්ජ් විවාහ ගිවිසගෙන තිබුනේ 2014 වසරේ ජුනි 5 වැනිදා ය.
https://mirrorarts.lk/ar/news/1811-2017-09-03-07-37-57#sigProIdac4d6a1d6c