වර්තමාන ලාංකේය සිනමාව තුල පැන නැඟී ඇති ගැටළු සහ අභියෝග වලට විසඳුම් සොයා ගැනීම පිලිබද සාකච්ඡා කිරීම සඳහා සුහද හමුවක් පසුගිය 25 වැනිදා පැවැත්වුණි.
ශ්රී ලංකා සිනමා අධ්යක්ෂකවරුන්ගේ සංසදයේ විධායක කමිටුව විසින් සංවිධානය කර තිබුණු මෙම සුහද හමුව සඳහා සිනමා ක්ෂේත්රයට සම්බන්ධ සෑම අංශයක්ම නියෝජනය කරමින් නිර්මාණකරුවන් සහභාගී විය.
සිනමා අධ්යක්ෂකවරුන්ට, බෙදාහැරීමේ මණ්ඩල වලට, සිනමා ශාලා හිමියන්ට, නිෂ්පාදකවරුන්ට සහ නවක අධ්යක්ෂකවරුන්ට පවතින ගැටලු සහ අභියෝග මෙහිදී විවෘතව සාකච්ඡාවට ගැනුණි.
එසේම නිෂ්පාදන ක්රීයාවලියෙන් පසු බෙදාහැරීම් අවස්ථාවේ පවතින දැඩි අර්බුදකාරී තත්වය සමතයකට පත්කර ගැනීමකට වඩා අවම කර ගත හැක්කේ කෙසේද යන්න පිලිබදව වැඩිපුර විමසීමට ලක් කර තිබුණි.
මෙම සුහද හමුව ශ්රී ලංකා සිනමා අධ්යක්ෂකවරුන්ගේ සංසදයේ ලේකම් උදයකාන්ත වර්ණසූරිය ප්රධානත්වයෙන් සභාපති බෙනට් රත්නායක , භාණ්ඩාගාරික සමන් වීරමන් සහ අනෙකුත් විධායක කමිටු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/2140-get-together#sigProId37a6aaf64a
ඡායා : සුනෙත් මාලිංගගේ මුහුණු පොතෙන්