හොලිවුඩයේ හොඳම සිනමා සහ ටෙලි නිර්මාණ සඳහා සම්මාන පිරිනැමෙන ගෝල්ඩන් ග්ලෝබ් උළල ජනවාරි 7 වැනිදා එක්සත් ජනපද ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වුනි.
බෙවර්ලි හිල්ස් හිදී 75 වැනි වතාවට පැවැත්වුණු සම්මාන උළලේදී සිනමා අංශයට සම්මාන 14 ක් සහ ටෙලිනාට්‍ය අංශයට සම්මාන 11ක් හිමිවිය.
ලිංගික අපචාර වලට එරෙහිව නැඟී සිටීම සඳහා මෑතකදී පිහිටවනු ලැබූ “ටයිම්ස් අප්” හොලිවුඩ් ව්‍යාපෘතියට සහය පල කිරීම පිණිස බොහොමයක් රංගන ශිල්පින් ශිල්පිනියන් කළු පැහැති ඇඳුමින් සැරසී සම්මාන උළෙලට සහභාගී වී සිටීම විශේෂත්වයක්.
එහිදී පිරිනැමුණු සම්මාන මෙසේය,
හොඳම සිනමාපටය (නාට්‍ය) - Three Billboards Outside Ebbing, Missouri
හොඳම සිනමාපටය(හාස්‍ය හෝ සංගීතයමය) - Lady Bird
හොඳම රංගන ශිල්පියා(නාට්‍ය) - ගැරී ඕල්ඩ්මන්, Darkest Hour
හොඳම රංගන ශිල්පිනිය(නාට්‍ය)- ෆ්රන්සස් මැක්ඩොමන්ඩ්, Three Billboards Outside Ebbing, Missouri
හොඳම රංගන ශිල්පියා(හාස්‍ය හෝ සංගීතයමය) - ජේම්ස් ෆ්රන්කෝ, The Disaster Artist
හොඳම රංගන ශිල්පිනිය(හාස්‍ය හෝ සංගීතයමය) - සාඕසේ රෝනන්, Lady Bird
හොඳම අධ්‍යක්ෂණය - ගුඑර්මෝ දෙල් තොරෝ, The Shape of Water
හොඳම තිරපිටපත - මාර්ටින් මැක්ඩොනා, Three Billboards Outside Ebbing, Missouri
හොඳම සජීවිකරණ චිත්‍රපටය- Coco
හොඳම විදේශීය චිත්‍රපටය - In the Fade
හොඳම ටෙලි මාලාව(නාට්‍ය)- The Handmaid's Tale
හොඳම ටෙලි මාලාව(හාස්‍ය)- The Marvelous Mrs Maisel
https://mirrorarts.lk/ar/news/2501-golden-globes-2018-v#sigProId052cf0606a