මනකල්පිත වීරයන් රජකරවන සිනමා ලෝකයේ ඇත්ත සුපිරි වීරයෙක් ගැන කියවෙන “පෑඩ් මෑන්” නවතම බොලිවුඩ් සිනමාපටය මේ වනවිට ඉන්දියාව තුල පමණක් නොවේ මුළු මහත් ලෝකයේම මාතෘකාවක් බවට පත්වී හමාරයි.
එළඹෙන සතියේ ඒ කියන්නේ පෙබරවාරි 9 වැනිදා ප්‍රදර්ශනයට නියමිත චිත්‍රපටයේ ප්‍රචාරණයට සමගාමිව සිදු කරනු ලබන “පෑඩ් මෑන්” අභියෝගය වගේම සුපිරි වීර චරිතයට පණ පොවන ජනප්‍රිය බොලිවුඩ් තරු අක්ශේ කුමාර් ද ඒ සඳහා විශේෂ හේතුවක් වී තිබෙනවා.
ඒ අභියෝගය ගැන සඳහන් කරන්න කලින් සිනමාපටය තැනීම සඳහා මුලික වුණු කාරණය අපි කෙටියෙන් මෙහෙම කියන්නම්.
කිළුටු රෙදි ඉවතට
කාන්තා ඔසප් සමයේදී භාවිත කරනු ලබන සනීපාරක්ෂක තුවා අඩු මුදලකට ඉන්දියාව තුල නිපදවීම ආරම්භ කරමින් එරට දුෂ්කර ප්‍රදේශවල සිටින කාන්තාවන්ගේ සනීපාරක්ෂක සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා කටයතු කළ අරුනාචලම් මුරුගනාතම් නම් පුද්ගලයාගේ ජිවිත කතාව ඇසුරු කරගනිමින් බොලිවුඩ් රංගන ශිල්පිනියක් සහ ලේඛිකාවක් වශයෙන් ප්‍රකට ට්වින්කල් ඛන්නා(අක්ශේ කුමාර් ගේ බිරිඳ) විසින් රචිත “ද ලෙජන්ඩ් ඔෆ් ලක්ෂ්මි ප්‍රසාද්” නම් කෙටි කතාව මෙම චිත්‍රපටය නිර්මාණය වීම සඳහා මුලික වී තිබෙනවා.
තමිල් නාඩුවේ වාසය කරන අරුනාචලම්ට සනීපාරක්ෂක තුවා පිළිබඳ මුලින්ම අදහසක් හිතට එන්නේ සිය බිරිඳ නිසා.
ඇය සිය ඔසප් සමයේදී කිළුටු රෙදි භාවිත කරනවා දකින ඔහු ඇගෙන් මේ ගැන විමසනවා. එවිට ඇය පවසන්නේ සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට නම් කිරි මිලදී ගැනීමට වියදම් වන මුදලින් අඩක්ම ඊට යෙදවීමට සිදුවන බවයි.
මේ ගැන සිතන අරුනාචලම්, දවසක් සිය බිරිඳට ත්‍යාගයක් ලෙස තුවා මිලදී ගැනීමට ඔසුසලකට ගොඩවනවා. එහි සේවය කරන පුද්ගලයා ඔහුට එය පත්තර කොලයක ඔතා දෙන්නේ හරියට “හොරබඩුවක්” දෙන විදියට.
“ග්‍රාමීය කාන්තාවන්ට එය මිලදී ගැනීමට අපහසුයි. ඒ වගේම මට වුවමනා කළා මගේ බිරිඳ මේ සෞඛ්යාරක්ෂිත නොවන පුරුද්දෙන් මුදවා ගන්න. කොහොම වුණත් මගේ බිරිඳගෙන් ආරම්භ කළ දේ දැන් ලෝකයටම ගිහින් තිබෙනවා.”
ඒ තමයි ඇත්ත “පෑඩ් මෑන්”ගේ කතාව.
#PadManChallenge
කොහොම වුණත් මුලින්ම අපි ඔබට කීව “පෑඩ් මෑන්” අභියෝගය ඉස් ඉස්සෙල්ලාම ඉදිරිපත් කරලා තියෙන්නෙත් අරුනාචලම් මුරුගනාතම් තමයි.
සනීපාරක්ෂක තුවායක් අතින් රැගෙන ලබාගත් ඡායාරූපයක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ පල කළ ඔහු පළමුව අභියෝග කර ඇත්තේ සිනමාපටයේ චරිත නිරුපනය කරන අක්ශේ කුමාර්, රාධිකා ආප්තේ, සෝනම් කපුර් සහ එහි නිෂ්පාදිකා ට්වින්කල් ඛන්නා වෙත ය.
එය පිළිගත් මේ සියලු දෙනාම සනීපාරක්ෂක තුවා රැගත් ඡායාරූප පළකරමින් තව කිහිප දෙනෙක්ට ද ඒ අභියෝගය කර තිබෙනවා.
කොහොම නමුත් මෙය දැන් රැල්ලක් බවට පත්ව වෙලා. බොලිවුඩ් තරු බොහොමයක් මේ අභියෝගය භාරගනිමින් සමාජ ජාල මාධ්‍යවල සනීපාරක්ෂක තුවා රැගත් ඡායා පළ කරන්න පටන් අරන්.
ඒ අතරට එක් වුනු අලුත්ම තරු තමයි අමීර් ඛාන්, ආලියා බාත්, දීපිකා පදුකෝන්, අර්ජුන් කපුර්, අනිල් කපුර්, රාජ් කුමාර් රාවෝ, සොෆී චවුද්රි, අදිති රාවෝ, අයුශ්මාන් කුරානා, ශබානා අස්මි, දියා මිර්සා.
මේ අතරට තවත් තරු කිහිපයක්ම එකතු වන්නට නියමිත බවයි බොලිවුඩ් පුවත් වාර්තා කර සිටින්නේ.
එළඹෙන සතියේ ප්‍රදර්ශනයට
ආන්දෝලනයට තුඩුදුන් “පද්මාවත්” සිනමාපටය තිරගත කරන දිනවලදීම “පෑඩ් මෑන්” ප්‍රදර්ශනයට දින නියමිත කර තිබුනත් එය එළඹෙන සතිය තෙක් කල් දැමීමට නිෂ්පාදන කණ්ඩායම තීරණය කර තිබුණා.
කොහොම වුණත් මේ චිත්‍රපටය එනතෙක් ලෝකයම නොඉවසිල්ලෙන් බලා සිටින බව නම් නොරහසක්.
අවාරා
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/2642-pad-man#sigProId2535fd5091