‘නිහාල් ඇහැ ගහගෙන ඉන්න ටිකක්. දන්නවනෙ දේව දූතයන්ගෙ හැටි. මම ළමයින්ව වෙනස් කළාට ළමයින්ගෙ ඇඟේ තියෙන දඟකාරකම නැති කරල නෑ. එහෙම වුණොත් ඉතින් ළමයි නෙවෙයිනෙ නිහාල්.‘‘
‘‘අම්මපා ඇත්ත සර්. අපි පොඩි කාලෙ ඕව නොකෙරුවද?‘‘
‘‘දඟකාරකම් නැති කරන එක පව්. අපි බලන්න ඕන දඟකාරකම් තියෙන කොටම කොහොමද ඒ ළමයින්ව හරි මාර්ගෙට ගන්නෙ කියල...‘‘
‘‘බොංචි ගෙදර ඉන්ද්‍රජාල‘‘ ස්වාධීන රූපවාහිණිය දිනපතා සවස 6.00 පෙන්වන ළමයින් වෙනුවෙන් වෙන්වුණ කතා මාළවක්.
මංජුල වෙඩිවර්ධන තිර රචනයෙන් හා ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණයෙන් හැඩවෙන ‘බොංචි ගෙදර ඉන්ද්‍රජාල‘ ගැන ප්‍රදීප් ධර්මදාස මිරර් ආර්ට්ස් වෙත අදහස් දක්වා සිටියා.
අපේ මූලික අරමුණ වුණේ ළමුන් ගේ පරිකල්පන හැකියාව වැඩි දියුණු කරවන විදියේ යමක් කළ යුතුයි කියන එක.
බෙහෝමයක් කතා මාළාවන් තුළ දකින්න ලැබෙන්නේ මතුපිටින් පමණක් අතපත ගන ස්වභාවයක් පමණයි. ළමයි ගොඩක් සරල කරලා ඔවුන් පොඩිම විදියට තියනවට වඩා ළමයින්ගේ පරිකල්පනය හැකියාවන් දියුණු මට්ටමකට ගෙන එන්න ඊට ආලෝකයක් ලබා ගන්න හැකි වන විදියේ යමක් කරන්නයි අවශ්‍ය වුණේ.
‘බොංචි ගෙදර ඉන්ද්‍රජාල‘යේ කතා සාංරාංශය වශෙයන් ගතහොත් ඉතාම දඟකාර සිසුන් සිටින පන්තියකට අලුත් ගුරුවරෙයක් එනවා ඒ ගුරුවරයා ළමුන්ගේ දඟකාරකම් තේරුම් අරගෙන ඒ අය යහපත් මාර්ගයකට කැඳව ගන්නවා.
ඒක සිද්ධෙවන්නේ අපි කුඩා කාලේ අසා තිබෙන සුරංගන කතා ජනකතා ඇසුරුකර ගනිමින් තමයි ගුරුවරයා අර දඟකාර සිසුන් ට අධ්‍යාපනයක් හික්මිමක් ලබා දෙන්නේ.
‘බොංචි ගෙදර ඉන්ද්‍රජාලයට පදනම් වෙන්නේ ජැක් සහ මායා බෝංචි වැලේ කතාව එය තවත් විදයකින් මෙහි දී ප්‍රතිනිර්මාණය කරනවා. එවැනි සුරංඟනා කතා සහ ජනකතා මාළවක මුලාරම්භයක් තමයි මේ.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/277-bonchi-gedara-indrajala#sigProId1ee51efc94