ප්‍රවීන ගේය පද රචක නිලාර් එන්. කාසිම්ගේ 25 වසරක නිර්මාණ දිවිය ඇගයෙන "සරස වසන්තය" ප්‍රසංගය සහ ගීත සියයක් රැගත් ෆෑල්ෂ් ඩ්‍රයිව් ගීතාවලිය එළි දැක්වීමේ උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.
නිලාර් එන්. කාසිම් විසින් රචනා කළ ගීත ඇතුළත් සීඩී පට තුනක් ද මෙහිදී එළිදැක්වුණි.
එම උලෙළේ ප්‍රධාන දේශනය මහාචාර්ය ජේ.බී. දිසානායක විසින් සිදුකළ අතර සමන් අතාවුදහෙට්ටි සහ නදීක ගුරුගේ කෙටි දෙසුම් පැවැත්වූහ.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා සදහන් කළේ වත්මනේ රට තුළ ප්‍රධාන ගැටලූවක් බවට පත්ව තිඛෙන ජාතීන් අතර සංහිදියාව ගොඩනැගීමේ කාර්යයේ වැදගත් චරිතයක් ලෙස නිලාර් එන්. කාසිම් වැනි කලාකරුවන් හදුන්වාදිය හැකි බවය.
ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී, රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා ඇතුළු ප්‍රවීණ කලාකරුවන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
https://mirrorarts.lk/ar/news/3934-sarasa-wasanthaya-nilar#sigProId87829948e6