කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ, නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන සිනමා හා රූපවාහිනි ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩායමේ අවසන් නිෂ්පාදන කාර්යය ලෙසින් සිදුකිරීමට නියමිත "වියසිදුරු" දිගු සිනමාපටයේ මුහුරත් උළෙල එම විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්වුණි.
ඒ කැලණිය සරසවි උපකුලපති මහාචාර්ය සේමසිංහ දිසානායක සහ මානවශාස්ත්ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්රික් රත්නායකගේ ප්‍රධානත්වයෙනි.
කළණ ගුණසේකර, ලකෂ්මන් මෙන්ඩිස්, ශලනි තාරකා, තුමිඳු දොඩන්තැන්න, ධර්මප්‍රිය ඩයස් ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙම සිනමාපටය සඳහා රංගනයෙන් දායක වීමට නියමිත ය.
වියසිදුරු තිර රචනය කර අධ්‍යකෂණය කරනු ලබන්නේ සිනමා හා රූපවාහිනි ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන සම්බන්ධීකාරක ප්‍රභාත් අගම්පොඩි විසින් වන අතර එම විද්‍යාර්ථීන්ගේ දායකත්වයෙන් නිර්මාණය වන මෙම සිනමාපටය කැලණිය විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනයකි.
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
- Title Title
https://mirrorarts.lk/ar/news/3939-wiyasiduru-on#sigProId6ced96260e