“ගේම් ඔෆ් ත්‍රෝන්ස්” ටෙලි මාලාව රූපගත කිරීම් කළ උතුරු අයර්ලන්තයේ දර්ශන තල කිහිපයක්ම සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන බවට පරිවර්තනය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
ටෙලි මාලාවේ රූපගත කිරීම් අවසන් කිරීමත් සමඟ රසිකයින්ට මෙම අවස්ථාව හිමිවීමට නියමිත ය.
ඒ නැරඹුම් ස්ථාන අතරට බාන්බ්රිජ් හි පිහිටි ලිනන් මිල් සිනමා සහ රුපවාහිනී ස්ටුඩියෝව ද අයත් වේ.
රංගන ශිල්පින් ශිල්පිනියන් භාවිත කළ ඇඟලුම්, උපකරණ, ආයුධ ආදිය ද අදාළ තැන් හි ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
වින්ටර්ෆෙල්, කාසල් බ්ලැක් සහ කිංග්ස් ලෑන්ඩින්ග් වෙනුවෙන් යොදා ගත් දර්ශන තල ආදිය ද මහජනයා වෙනුවෙන් විවෘත වනු ඇත.
මේ වැඩපිළිවෙල 2019 දී පමණ ක්‍රියාත්මක වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
https://mirrorarts.lk/ar/news/4035-game-of-thrones-northern-ireland-sites-to-open-to-public#sigProIdb62b945c7d